කළුතර උතුර ප්‍රදේශයේ ඊයේ (16 දා) අලුයම මුහුදු රළ ගොඩගැලීමක් සිදුව ඇති බව කළුතර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය සඳහන් කරයි.
කළුතර කැලිඩෝ වෙරළ තීරයේ කිලෝමීටරයකට ආසන්න දුරක නිවාස 200 කට ආසන්න ප්‍රමාණයකට, සංචාරක නිවාඩු නිකේතන රැසකට, කළුතර මාර්ග සංවර්ධන අධිකාරි කාර්යාලයේ වැඩ ඒකක පරිශ්‍රයට සහ අතුරු මාර්ග කිහිපයක්ද ජලයෙන් යටවී ඇති අයුරු දැකගත හැකිවිය.
වාද්දුව – සුමිත් පොතුපිටිය