මෛත්‍රීට එරෙහි වාරණය 12දා තෙක් දීර්ඝ වෙයි

22

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරයේ කටයුතු කිරීම වළක්වමින් තම අධිකරණය විසින් නිකුත් කොට තිබූ වාරණ නියෝගය ලබන මස 12 වැනිදා දක්වා තවදුරටත් දීර්ඝ කිරීමට කොළඹ ප්‍රධාන දිසා විනිසුරු සඳුන් විතාන මහතා ඊයේ (29දා) නියෝග කළේය.

එදිනට ලිඛිත විරෝධතා හා උත්තර එදින අධිකරණය හමුවේ ගොනු කරන ලෙසටද විනිසුරුවරයා දෙපාර්ශ්වයට නියෝග කළේය.

හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මිය විසින් ගොනු කර තිබූ පැමිණිල්ලක් සලකා බැලූ ප්‍රධාන දිසා විනිසුරුවරයා පසුගිය අප්‍රේල් 4 වැනිදා එම වාරණය නිකුත් කොට තිබිණි. මෛත්‍රිපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ව්‍යවස්ථාවේ දක්වා ඇති ප්‍රතිපත්ති උල්ලංඝනය කරන අයකු බවත් ඔහු එම පක්ෂයේ සභාපති ධුරය දැරීම පක්ෂයේ ප්‍රගමනයට බාධාවක් බවත් හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරණතුංග මහත්මිය සිය පැමිණිල්ල මඟින් අධිකරණයට කියා තිබිණි.

ඒ.ජේ.ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment