මෛත්‍රීලා ඩාර්ලි පාරටම

1464

ඉදිරි දේශපාලන කටයුතු සිදු කරගෙන යෑමේ අරමුණින් ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානය ආසන්නයේ පිහිටි ගොඩනැඟිල්ලක් ලබාගැනීමට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මෛත්‍රී පාර්ශ්වය සැලසුම් කර ඇත.

මේ වනවිට පක්‍ෂය තුළ පවතින දේශපාලන අර්බුදය හා ඇතිවී තිබෙන නීතිමය තත්ත්වය හේතුවෙන් සිය දේශපාලන කටයුතු නිදහස් පක්‍ෂ මූලස්ථානයේ සිදුකරගෙන යෑමට නොහැකි වීම හේතුවෙන් නව ගොඩනැඟිල්ලකට යෑමට ඔවුන් තීරණය කර තිබේ. හිටපු පක්‍ෂ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති පක්‍ෂයේ දිස්ත්‍රික් සංවිධායකවරුන්ගේ රැස්වීමකදී මෙම තීරණය ගත් බව එම පක්‍ෂ ජ්‍යෙෂ්ඨ උප සභාපති මහාචාර්ය රෝහණ ලක්‍ෂ්මන් පියදාස මහතා ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට පැවසීය.

ඒ අනුව ඉදිරි දින කීපයේ දී නව ගොඩනැඟිල්ලේ සිට ඉදිරි මැතිවරණ මෙහෙයුම් කටයුතු මෙන්ම පක්‍ෂයේ දිස්ත්‍රික් හා ආසන සංවිධායකවරු සමග සාකච්ඡා පැවැත්වීමටත් ගොඩනඟන නව සන්ධානයට සම්බන්ධ වන ප්‍රගතිශීලී වාමාංශික හා ආණ්ඩුවට විරුද්ධ සියලු දේශපාලන පක්‍ෂ හා කණ්ඩායම් සමග සන්ධාන ගතවීම් සිදුකිරීමටත් මේ වනවිට සැලසුම් සකස් කර තිබෙන බවද ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

අරුණ බෝගහවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment