මොන ඡන්ද කල් දැම්මත් ජනපතිවරණය තිතටම පැවැත්විය යුතුයි

37

ජී.එල්. පීරිස්

අනුප්‍රාප්තිකයකු වන වත්මන් ජනාධිපතිවරයාට නියමිත කාලයට වඩා එක් දිනක්වත් ධුරයේ රැඳී සිටිය නොහැකි බැවින් කුමන මැතිවරණ කල් දැම්මත් ජනාධිපතිවරණය නිසි දිනට පැවැත්විය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා ඊයේ (17දා) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී කීවේය.

ඡන්දබලය ඇතුළු මහජන පරමාධිපත්‍යය කිසිවකුට උදුරාගත නොහැකි බවත් එම බලය ඇත්තේ මහජනතාවට බවත් ඒ මහතා කීවේය.

“තව දින 30 කින් පසු මැතිවරණ කොමිෂන් සභාවට ජනාධිපතිවරණය පිළිබඳ නිවේදනය කිරීමට බලය ලැබෙනවා. ලංකා ඉතිහාසයේ නීතිපතිවරුන් 47 දෙනෙක් නියමිත ධුර කාලය අවසන් වූ පසු විශ්‍රාම ගිය නමුත් 48 වන නීතිපතිවරයාට සේවා දිගුවක් ලබාදීම අසාමාන්‍යයයි. වර්තමාන නීතිපතිවරයාට සේවා දිගුවක් ලබාදුන්නේ නම් ලංකා ඉතිහාසයේ පළමුවරට කාන්තා නීතිපතිවරියක පත්වීමට ඇති අවස්ථාව අහිමි වෙනවා. ජනාධිපතිවරයාගේ මෙම ක්‍රියාපටිපාටිය නිසා නීතිපති දෙපාර්තමේන්තුව අමු අමුවේ දේශපාලනීකරණය වීමේ දරුණු අවදානමක් මතු වෙනවා” යැයි ද මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා මෙහිදී කියා සිටියේය.

කමල් බෝගොඩ

advertistmentadvertistment
advertistmentadvertistment