මෝදිගේ හවුල් පක්ෂ ඇමැති පංගු ඉල්ලයි

648

ඉන්දීය නව ආණ්ඩුව සමග සන්ධානගත වීමට නියමිත පක්ෂ හා කණ්ඩායම් කැබිනට් ඇමති තනතුරු දහයක් ඉල්ලා ඇති බව දේශපාලන ආරංචි මාර්ග කියයි. තෙලිඟු දේශාම් පක්ෂය එනම් චන්ද්‍රබාබු නායිඳුගේ පක්ෂය ලෝක් සභාවේ කථානායක තනතුර ඉල්ලා ඇත.

එසේම ආන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයට විශේෂ තත්ත්වයක් ලබාදෙන ලෙස ඉල්ලා ඇත.

එසේම කැබිනට් ඇමති තනතුරු 05ක් ඉල්ලා තිබේ. බිහාර් මහ ඇමති නිටිෂ් කුමාර්ගේ ජනතා දාල් පක්ෂය කැබිනට් ඇමති තනතුරු තුනක් ඉල්ලා තිබේ.

සිව්සේනා පක්ෂය (ෂින්ඩේ පාර්ශ්වය) එක් කැබිනට් තනතුරක් ඉල්ලා ඇත.

මේ පක්ෂයට ආසන හතක් හිමිව තිබේ.

එසේම තවත් පාර්ශ්වයක් එක් කැබිනට් ඇමැති තනතුරක් ඉල්ලා තිබේ.

චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment