යාපනයට පළමු ජය

77

නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ මෙතෙක් කිසිදු ජයග්‍රහණයක් වාර්තා කිරීමට අපොහොසත්ව සිටි ජැෆ්නා කණ්ඩායම කැන්ඩි කණ්ඩායමට එරෙහිව කඩුලු 4 ක ජයක් වාර්තා කිරීමට පෙරේදා (11 වැනිදා) පස්වරුවේදී සමත්විය.

කඩුලු 6 කට ලකුණු 172 ක් තිබියදී තෙවැනි දිනය ඇරඹූ කැන්ඩි කණ්ඩායම පෙරේදා දෙවැනි ඉනිමේදී ලකුණු 222 කට දැවී ගියේය.

ජයග්‍රහණය සඳහා ලකුණු 243 ක ඉලක්කයක් හඹා ගිය ජැෆ්නා කණ්ඩායම ඒ සඳහා පන්දු වාර 65.1 ක් පන්දුවට පහර දුන්නේ කඩුලු 6 ක් පමණක් ප්‍රතිවාදීන් හමුවේ ලබා දෙමිනි. ඒ වෙනුවෙන් විශිෂ්ට පිතිහරඹයක නිරත වුණු ධනංජය ද සිල්වා ලකුණු 82 ක් ලබා ගනිමින් කණ්ඩායමේ ජයග්‍රහණය සනාථ වන තෙක්ම කඩුල්ලේ රැඳී සිටියේය. පන්දු 100 කට මුහුණ දුන් දකුණත් පළපුරුදු පිතිකරුවා අංක 5 පිතිකරු ලෙසින් පිටියට පිවිස තම ඉනිමට හතරේ පහර 10 ක් එල්ල කළේය. ඔහුට අමතරව නවෝද් පරණවිතාන ලකුණු 27 ක් සහ සදීර සමරවික්‍රම ලකුණු 41 කින් දායකත්වය දැක්වූහ.

ධනංජය ද සිල්වාට එකතු වුණු ළහිරු මදුශංක 7 වැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනංවන ලද නොබිඳුණු සම්බන්ධතාව ලකුණු 94 ක් විය. එහිදී ළහිරුගේ දායකත්වය ලකුණු 28 කිනි.

කැන්ඩි – පළමු ඉනිමට ලකුණු 265යි (ඕවර් 66.1) – කසුන් විදුර 13, ඔෂධ ප්‍රනාන්දු 33, සඳුන් වීරක්කොඩි 36, නිරෝෂන් දික්වැල්ල 21, අහන් වික්‍රමසිංහ 101, වනුජ සහන් කුමාර 22, අම්ෂි ද සිල්වා 17, අශේන් ඩැනියෙල් 11 (ෂශික දිල්ෂාන් 70/ 4, බිනුර ප්‍රනාන්දු 34/3, රවිඳු ප්‍රනාන්දු 55/2, ළහිරු මධුසංඛ 42/1)

ජැෆ්නා – පළමු ඉනිමට ලකුණු 245යි (ඕවර් 65.1) – නවෝද් පරණවිතාන 45, ජනිත් ලියනගේ 129, ෂශික දුල්ෂාන් 15, ධනංජය ද සිල්වා 12, රවිඳු ප්‍රනාන්දු 12 (ළහිරු කුමාර 52/3, අම්ෂි ද සිල්වා 60/2, වනුජ සහන් 50/3, නිම්සර අතරගල්ල 39/1)

කැන්ඩි – දෙවැනි ඉනිමට ලකුණු 222යි (ඕවර් 61.5) – කසුන් විදුර 29, තනුක දාබරේ 21, ඔෂධ ප්‍රනාන්දු 27, නිරෝෂන් දික්වැල්ල 25, අහන් වික්‍රමසිංහ 77, වනුජ සහන් කුමාර 12, අෂෙයින් ඩැනියෙල් 12, ශෂික දල්ෂන් 74/4, බිනුර ප්‍රනාන්දු 20/2, නවෝද් පරණවිතාන 16/3)

ජැෆ්නා දෙවැනි ඉනිම කඩුලු 6 ක් දැවී ලකුණු 243 යි – (ධනංජය ද සිල්වා 82, රොන් චන්ද්‍රගුප්ත 20, නවෝද් පරණවිතාන 37, සදීර සමරවික්‍රම 41, ජනිත් ලියනගේ 20, ළහිරු මදුශංක 28, වනුජ සහන් 95/2)

advertistmentadvertistment
advertistmentadvertistment