යාපනයේ උපන් විජේ තනිකාසලම් කැනඩාවේ ඔන්රියෝ ප්‍රාන්තයේ නියෝජ‍්‍ය ගමනාගමන ඇමැති ධුරයට

895

යාපනයේ වැල්වෙටිතුරේ ගම්මානයේ උපත ලද විජේ තනිකාසලම් නමැති අය කැනඩාවේ ඔන්රියෝ ප්‍රාන්තයේ නියෝජ‍්‍ය ගමනාගමන අමාත්‍යවරයා වශයෙන් වැඩ බාර ගෙන තිබේ. ඔහු මීට පෙර කැනඩාවේ ඔන්රියෝ ප්‍රාන්තයේ පළාත් සභාවේ මන්ත්‍රීවරයෙකු වශයෙන් කටයුතු කොට තිබේ. 45 හැවිරිදි විජේ තනිකාසලම් මීට වසර 11 කට ඉහතදී රැකියාවක් සඳහා කැනඩාවට ගොස් කැනඩාවේ පුරවැසිභාවය ඇති දෙමළ කාන්තාවක් සමග විවාහ වූ අයෙකි. විජේ තනිකාසලම් මහතාට ද කැනඩාවේ පුරවැසිභාවය ලැබීමෙන් පසු ඔහු එරට ඔන්රියෝ ප්‍රාන්තයේ දේශපාලන කටයුතු වල නිරත වූ අයෙකි.

මේ වන විට විජේ තනිකාසලම් මහතාගේ පවුලේ මුල් සාමාජිකයෝ යාපනයේ වැල්වෙට්ටිතුරේ ප්‍රදේශයේ නොමැති අතර වැඩි පිරිසක් කැනඩාවට ගොස් සිටිති.
දිනසේන රතුගමගේ


advertistmentadvertistment