යාපනයේ ස්වාධීන මාධ්‍යවේදියාගේ නිවසට ගිනි තැබූ අය සොයා පරීක්ෂණ

88

යාපනයේ ස්වාධීන මාධ්‍යවේදියකු වන තම්බිදුරෙයි ප්‍රදීපන් නැමති අයගේ නිවසට කිසියම් පිරිසක් අලුයම ගිනි තබා ඇත. නිවසට ගිනි තැබූ පිරිස නිවස ඉදිරිපිට නවතා තිබූ යතුරුපැදියකට හා ත්‍රිරෝද රථයකටද ගිනි තබා ඒවාද විනාශ කොට ඇති අතර ගින්න නිසා නිවසේ හරි අඩක් පිලිස්සී ගොස් තිබේ.

මෙම සිද්ධිය නිසා යාපනයේ මාධ්‍යවේදියාට රුපියල් ලක්ෂ හතළිහක පමණ අලාභයක් සිදුව ඇතැයි ඔහු පොලිසියට ප්‍රකාශ කොට තිබේ.

ඔහුගේ නිවසට මෙසේ ගිනි තබන්නට හේතුව කුමක්දැයි අනාවරණය වී නොමැති අතර මාධ්‍යවේදියා පොලිසියට පවසා ඇත්තේ කිසියම් වැරදි වැටහීමකින් තම නිවසට ගිනි තබන්නට ඇති බවයි.

යාපනය පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා ගෙන යයි.

දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment