යාපනය රෝහලේ හදිසි අනතුරු වාට්ටුවට අනතුරක්

108

යාපනය ශීක්ෂණ රෝහලේ හදීසි අනතුරු වාට්ටුවට මහ රාත්‍රියේ යතුරු පැදියකින් කඩා වැදුණු තරුණයින් දෙදෙනෙකු රෝහල් සේවකයෙකුට පරිගණක මුද්‍රණ යන්ත්‍රයකින් හිසට පහර දීම නිසා ඔහු බරපතල ලෙස තුවාල ලබා ඊයේ (28දා) රාත්‍රී රෝහල් ගත කොට තිබේ.
යතුරු පැදියෙන් රෝහලේ හදිසි අනතුරු වාට්ටුව තුළටම පැමිණි තරුණයින් දෙදෙනා අධික ලෙස බීමත්ව සිට ඇති අතර යතුරු පැදිය පදවා ගෙන ආ පුද්ගලයා ප්‍රකාශ කොට ඇත්තේ තමන් සමග සිටින අනෙක් තැනැත්තා කඩු ප්‍රහාරයකට ලක්ව තුවාල ලබා සිටින් බැවින් ඔහුට ඉක්මනින් ප්‍රතිකාර කල යුතු බවය.
ඒ ගැන රෝහල් සේවකයෙකු ප්‍රශ්න කිරීමත් සමගම රෝහලේ පරිගණකයට සවිකොට තිබූ මුද්‍රණ යන්ත්‍රය ගලවා ඉන් එම රෝහල් සේවකයාගේ හිසට පහර දී තිබේ.
මේ කලබලය නිසා සෙසු සේවකයින් පැමිණ ඔවුන් දෙදෙනාව අත් අඩංගුවට ගැනීමට ගිය අවස්ථවේදී ඔවුන් පැමිණි යතුරු පැදියෙන්ම පලා ගොස් ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment