‘යුක්තිය’ දින තුනකට නවතී

235

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ අපරාධ කල්ලි සාමාජිකයින් අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය විසින් ක්‍රියාත්මක කරන යුක්තිය මෙහෙයුම තාවකාලිකව නතර කිරීමට තීරණය කර තිබේ.ඒ අනුව අද දිනයේ සිට දින 03ක කාලයක් මෙම මෙහෙයුම ක්‍රියාත්මක නොවන බව පොලිස් මූලස්ථානය සඳහන් කළේය.උත්සව සමය වෙනුවෙන් පොලිස් නිලධාරීන් විශේෂ රාජකාරී කටයුතු සඳහා යෙදවීමට අවශ්‍ය බැවින් මෙලෙස මෙම මෙහෙයුම තාවකාලිකව නතර කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසීය.

advertistmentadvertistment
advertistmentadvertistment