අන්තරේට ජල හා කදුළු ගෑස් ප්‍රහාර

234

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍යබල මණ්ඩලයේ විරෝධතාවයකට කිරුළපන ප්‍රදේශයේදී පොලීසියෙන් ජල ප්‍රහාරයක් සහ කොළඹ පුරහල ප්‍රදේශයේ දී ජල හා කදුළු ගෑස් ප්‍රහාර එල්ලකර තිබේ.

ඔවුන් කොළඹදී පැවැත්වීමට නියමිතව තිබූ උද්ඝෝෂණයකට අදාළව මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය සහ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් අද පෙරවරුවේ නියෝග ද නිකුත් කර තිබුණි.ඒ අනුව මහජනතාවට හා රාජ්‍ය දේපළ වලට හානි සිදුවන අයුරින් එම විරෝධතා පැවැත්විය යුතුය. ඩීන්ස් පාර,කුළරත්න මාවත,ටී.බී ජයා මාවත සහ ටෙක්නිකල් හන්දිය ,ජනාධිපති ලේකම් කාර්යාලය,ජනාධිපති මන්දිරය,අග්‍රාමාත්‍ය කාර්යාලය සහ ගාලු මුවදොර යන ප්‍රදේශ වලට යාම ද වලක්වාලමින් එම නියෝග නිකුත් කර තිබේ.මෙම නියෝග කඩ කළහොත් අත්අඩංගුවට ගැනීමට පොලිසියට අවසර දී ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment