ලෝක සංචාරක රූ රැජින තරග 20 දා සිට

103

ප්‍රථම වරට පවත්වන ලෝක සංචාරක රූ රැජින තරගාවලිය ඵසි උදරකා Miss World Tourism – 2023 මේ මස 20 දා සිට ජූලි 29 දා දක්වා ශ්‍රී ලංකාවේදී පැවැත්වෙයි.

සංචාරක අමාත්‍යාංශය යටතේ ඇති ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ සහ පෞද්ගලික අංශයේ අනුග්‍රයද ඇතිව මේ තරගාවලිය සංවිධානය කර ඇත.

සංචාරක ක්‍ෂේත්‍රය සම්බන්ධ ප්‍රථම ජාත්‍යන්තර තරගාවලිය මෙය බවත් මේ සඳහා ලෝකයේ රටවල් 40 කින් තරගකාරියන් සහභාගි වන බවත් සංචාරක රාජ්‍ය ඇමැතිනි ඩයනා ගමගේ මහත්මිය පැවසුවාය. මේ තොරතුරු අනාවරණය වූයේ පසුගියදා කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ දී පැවැති මාධ්‍ය හමුවේ දීය. මේ මාධ්‍ය හමුවට ලෝක සංචාරක රූ රැජින තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සභභාගි වන ශ්‍රී ලංකා සංචාරක රූ රැජින වන තරුෂි හසංගා කුලතුංග මෙනවියද සහභාගි වූවාය.

මෙම සංචාරයක රූ රැජන තරගාවලියට අදාළ තරග ශ්‍රී ලංකාවේ පළාත් කීපයක පැවැත්වීමට නියමිත අතර අවසන් මහා තරගය ජුලි 29 දින පැවැත්වේ.

ලෝක සංචාරක රූ රැජින – 2023 තරගාවලියේ හිමිකාරත්වය දරන රධිකා ගුණවර්ධන මහත්මිය සහ එහි නිර්මාණ අධ්‍යක්‍ෂ අර්ජුන සේනානායක මහතාද මෙහිදී කතා කළහ.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment