ත‍්‍රස්ත පනතේ සංශෝධනයට දුන් පොරොන්දුව ගැන අපි අවධානයෙන් – යුරෝපා සංගමය

200

ශ‍්‍රී ලංකාව 2017 වසරේදී නැවතත් ජී. එස්. පී. ප්ලස් (GSP+) වැඩසටහනට සම්බන්ධ කර ගැනීමේදී ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනතට සංශෝධන එක්කිරීමට ශ‍්‍රී ලංකාව ලබාදුන් පොරොන්දුව පිළිබඳව විශේෂ අවධානයක් යොමු කර ඇතැයි ශ‍්‍රී ලංකාවේ යුරෝපා සංගම් තානාපති ඩෙනිස් ෂයිබ් මහතා ප‍්‍රකාශ කළේය.

යුරෝපා වෙළෙඳ පොළට පිවිසීමට ශ‍්‍රී ලංකාවට ඇති ප‍්‍රධානතම ප‍්‍රවේශය ජාත්‍යන්තර සම්මුතීන් සාර්ථකව ක‍්‍රියාවට නැංවීම බව සඳහන් කළ ඒ මහතා 2015 වසරේ සිට ශ‍්‍රී ලංකා රජය සම`ග සමීපව කටයුතු කළ බවත් එම අඛණ්ඩ සබඳතාව දිගටම පවත්වාගෙන යෑමට අපේක්‍ෂා කරන බවත් පැවසීය.

හෙතෙම මේ බැව් පැවසුවේ යුරෝපා සංගමය ශ‍්‍රී ලංකාවේ සිදුකළ ජී. එස්. පී. ප්ලස් (GSP+) නිරීක්‍ෂණ චාරිකාව අවසන් කිරීම නිමිත්තෙන් අදහස් දක්වමිනි.

යුරෝපා සංගමයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කණ්ඩායමක් ඉකුත් මස 27 වැනිදා ශ‍්‍රී ලංකාවට පැමිණ විශේෂ නිරීක්‍ෂණ චාරිකාවක් ආරම්භ කළහ.

එහිදී ඔවුහු මානව සහ කම්කරු අයිතිවාසිකම්, පරිසර හා දේශගුණය මෙන්ම යහපාලන මූලිකාංග පිළිබඳ ඇතිකරගත් සම්මුතීන් ආරක්‍ෂා කිරීමට ශ‍්‍රී ලංකාව දක්වන දායකත්වය කෙරෙහි වැඩි සැලකිල්ලක් දැක්වූහ.

දින 10 කින් සමන්විත වූ මෙම සංචාරය අතරතුර නියෝජිත පිරිස ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ, විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස්, අධිකරණ අමාත්‍ය අලි සබ්රි සහ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ යන මහත්වරු හමුවූහ.

තව ද, ශ‍්‍රී ලංකාවේ සියලූ ජන කොටස් සඳහා අයිවාසිකම් පිරිනැමීමේදී සමාන පදනමකින් සහ නිසි ගරුත්වයකින් යුතුව කටයුතු කිරීම හා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන, ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත දැනට භාවිතයට ගැනෙන ආකාරය, ශ‍්‍රී ලංකාව තුළ මූලික නිදහසට පවතින බාධා සහ රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳව ක‍්‍රියාත්මක කිරීමට යෝජිත නව නීති ආදිය පිළිබඳව ද යුරෝපා සංගම් විශේෂ නියෝජිත පිරිස වැඩිදුර අධ්‍යාපනයක නිරත වූහ. ඊට අමතරව මත්ද්‍රව්‍ය, පරිසරය, දේශගුණ විපර්යාස සහ ¥ෂණ වංචා ආදිය පිළිබඳ ශ‍්‍රී ලංකා රජයේ ප‍්‍රතිපත්ති ද මෙහිදී සමාලෝචනයට ලක්කෙරුණි. මෙම නිරීක්‍ෂණ සංචාරයට සමගාමීව, ශ‍්‍රී ලංකාවේ යුරෝපීය වාණිජ සංගමය විසින් ඨීඡුූ වැඩසටහනෙහි උපයෝගීතාව හා අනාගත සංවර්ධනය යන තේමාව ඔස්සේ විශේෂ වෙබ් සම්මන්ත‍්‍රණයක්ද සංවිධානය කර තිබුණි. එම වෙබ් සම්මන්ත‍්‍රණයට යුරෝපා සංගම් නියෝජිතයෝ ද එක් වූහ.

උපාලි ද සේරම්
 

advertistmentadvertistment
advertistmentadvertistment