සොත්ති උපාලිගේ පුතා නිදොස් කොට නිදහස් වෙයි

977


හෙරෝයින් මත්කුඩු ග්‍රෑම් 416 ක් සහ බෙල්ජියමේ නිෂ්පාදිත ඔටෝ රිපීටර් වර්ගයේ ගිනි අවියක් සන්තකයේ තබාගත් බවට චෝදනා එල්ලවී වසර හතරකට අධික කාලයක් රිමාන්ඩ් බන්ධනාගාර ගතකර සිටි පුද්ගලයකු නිදොස් කොට නිදහස් කරන ලෙස පානදුර මහාධිකරණ විනිසුරු සමන් කුමාර මහතා නියම කළේය.

මොරටුව, තුඩුවන්මුල්ල ප්‍රදේශයේ පදිංචි අරඹගේ දොන් ප්‍රසන්න ලක්ෂිත නමැති 45 හැව්රිදි පුද්ගලයකු මෙසේ නිදොස් කොට නිදහස් කෙරිණි.

පෙරේදා නිදොස් කොට නිදහස් කෙරුණු සැකකරු, පාතාලයේ ගෝඩ් ෆාදර් ලෙසින් හදුන්වන අරඹගේ දොන් උපාලි රංජිත් නොහොත් සොත්ති උපාලි නැමැත්තාගේ පුත්‍රයා බවද අනාවරණයවේ.

advertistmentadvertistment
advertistmentadvertistment