යූනියන් ඇෂුවරන්ස් 2024 නායකත්ව සමුළුව සාර්ථකව නිම වෙයි

13

යූනියන් ඇෂුවරන්ස් සමාගම, 2024 නායකත්ව සමාරම්භක සමුළුව කුරුණෑගල, එපිටෝම් හෝටලයේදී පැවැත්වීය. නායකත්ව සංවර්ධනය සහ විශිෂ්ටත්වය සඳහා සමාගමේ කැපවීම පිළිබඳ සන්ධිස්ථානයක් සනිටුහන් කළ, මෙම සමුළුවට යූනියන් ඇෂුවරන්ස් ආයතනික නායකත්වය සහ එහි පුළුල් ශාඛා ජාලය හරහා අලෙවි නායකයින් ඇතුළු 250කට අධික පිරිසක් සහභාගි වූහ.

නායකත්ව සමුළුවේ අරමුණ වූයේ, ඉහළ කාර්ය සාධනයක් ඇති නායකයින්ගේ ජයග්‍රහණ හඳුනා ගැනීම සහ අගැයීම මෙන්ම පුළුල් පුහුණුවක් සමගින් දියුණු වීමට අවස්ථා ලබාදීමය. විශේෂඥ පුහුණුකරුවෙකු වන නාලක හේවාමද්දුම මහතාගේ ප්‍රධානත්වයෙන් නායකත්ව කුසලතා වැඩි දියුණු කිරීම පිළිබඳ සිය පුළුල් දැනුම බෙදා ගත් සැසිය මෙම සමුළුවේ විශේෂ අවස්ථාවක් විය. ඔහු ලබා දුන් පුහුණුව තුළින් නායකයින්ට ඔවුන්ගේ කාර්ය සාධනය ඉහළ නැංවීමට සහ වැඩි සාර්ථකත්වයක් ලබා ගැනීමට ක්‍රියාත්මක කළ හැකි උපාය මාර්ග පිළිබඳව දැනුවත් කෙරිණි. පුහුණු සැසියට අමතරව, සමුළුව අතරතුර, ඉහළ කාර්ය සාධනයක් සහිත නායකයින් සමග සංවාදශීලී සාකච්ඡාවක් පැවැත්විණි. මෙම අන්තර්ක්‍රියාකාරී සැසිය, නායකයින්ට ඔවුන්ගේ අත්දැකීම්, මුහුණ දුන් අභියෝග සහ සාර්ථකත්වය සඳහා වූ උපාය මාර්ග බෙදාහදා ගැනීමට, දැනුම බෙදාගැනීමට සහ උත්තේජනයක් සැපයීම සඳහා සහයෝගිතා පරිසරයක් නිර්මාණය කිරීමට ඉඩ සැලසීය.

2024 වසරේ පළමු කාර්තුවේ ඉහළ ම දක්ෂතා දැක්වූ නායකයින් අගැයීමේ සම්මාන උළෙලක්ද මෙම සමුළුවට ඇතුළත් විය. විශිෂ්ටත්වය මූලික කර ගත් සංස්කෘතියක් පෝෂණය කිරීම සඳහා යූනියන් ඇෂුවරන්ස් සමාගමේ ඇති කැපවීම ශක්තිමත් කරමින්, සමාගමේ වර්ධනයට සහ සාර්ථකත්වයට හේතු වූ සුවිශේෂී ජයග්‍රහණ සහ දායකත්වයන් මෙම සම්මාන තුළින් සමරනු ලැබිණි.

advertistmentadvertistment
advertistmentadvertistment