යෝජිත කම්කරු නීති ගැන ඇමිනෙස්ටි ඉන්ටර්නැෂනල් කනස්සල්ලෙන්

58

යෝජිත කම්කරු නීති ක්‍රියාත්මක කිරීම නතර කිරීමට පියවර ගන්නා ලෙස ‘ඇමිනෙස්ටි ඉන්ටර්නැෂනල්’ සංවිධානය ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලීමක් කර තිබේ.

මේ පිළිබඳව මෙරට වෘත්තීය සමිති සහ සිවිල් සංවිධානවල ඉල්ලීම් සැලකිල්ලට නොගතහොත් ඉදිරියේදී රට පුරා දැඩි විරෝධතා ඇතිවිය හැකි බවට ද එම සංවිධානය රජයට අනතුරු අඟවා තිබේ.

වත්මන් කම්කරු නීතිවල යම් ප්‍රතිසංස්කරණ සිදු කරන්නේ නම් එය සිදු කළ යුත්තේ කම්කරුවන්ගේ සහ ඔවුන්ගේ නියෝජිතයන්ගේ උපදෙස් ලබා ගැනීමෙන් පසුව පමණක් බව ද ‘ඇමිනෙස්ටි ඉන්ටර්නැෂනල්’ සංවිධානය පෙන්වා දෙයි.

එසේම ජාත්‍යන්තර ප්‍රමිතීන් සහ අයිතිවාසිකම් ඉවත් කිරීම මගින් කම්කරු අයිතිවාසිකම් සහ ආරක්ෂාව දුර්වල කරන යෝජිත නව ප්‍රතිසංස්කරණ පිළිබඳව සිය සංවිධානය කනස්සල්ල පළ කරන බව ද ‘ඇමිනෙස්ටි ඉන්ටර්නැෂනල්’ සංවිධානය වැඩිදුරටත් සඳහන් කර තිබේ.

සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment