විමලසුරේන්ද්‍ර විදුලි බලාගාර ප්‍රදේශයට අධික වැසි

169

නෝටන්බි්‍රජ් විමලසුරේන්ද්‍ර ජල විදුලි බලාගාර ජල පෝෂක ප්‍රදේශවලට (01) දින අලුයම සිට ඇදහැලෙන අධික වර්ෂාවත් සමග විමලසුරේන්ද්‍ර ජලාශය වාන් දැමීමට ආරම්භ වී ඇති බව නුවරඑලිය දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂ රංජිත් අලහකොන් මහතා පැවසීය.

විමලසුරේන්ද්‍ර ජලාශය වාන් දැමීම සහ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට ඇද හැලෙන අධික වර්ෂාවත් සමග කැළණි ගඟේ ජල මට්ටම තරමක් ඉහළ ගොස් ඇති බවයි සහකාර අධ්‍යක්ෂවරයා කියා සිටියේ. විමලසුරේන්ද්‍ර ජලාශය වාන් දමන අයුරු.

ඡායාරූප හා සටහන නුවරඑලිය – නාලක රත්නායක
 

advertistmentadvertistment
advertistmentadvertistment