රංගෙ බණ්ඩාරට ආයෙත් ඒ පුටුවම

145

මේ වසර (2024) සඳහා ද එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම්වරයා ලෙස පාලිත රංගෙ බණ්ඩාර මහතා පත්කර ඇත.

එක්සත් ජාතික පක්ෂයේ කළමනාකරණ කමිටුව විසින් පෙරේදා (09 දා) රැස්වී සිදුකළ සාකච්ඡාවේදී රංගෙ බණ්ඩාර මහතා මේ වසර සඳහා මහ ලේකම්වරයා ලෙස ඒකමතිකව පත්කරගෙන තිබේ.

ඒ මහතා අසනීප තත්ත්වයෙන් පසුවීම නිසා එම කමිටුවට සහභාගි නොවූ අතර පාලිත රංගෙ බණ්ඩාර මහතා වෙනුවෙන් පක්ෂයේ නායකයා විසින් නිකුත් කරන ලද පත්වීම් ලිපිය එක්සත් ජාතික පක්ෂයේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ ප්‍රධාන විධායක අධ්‍යක්‍ෂ ශමල් සෙනරත් මහතා ලිපිය භාරගෙන තිබිණි. එම ලිපිය ශමල් සෙනරත් මහතා විසින් ඊයේ (10 දා) මහ ලේකම්වරයා වෙත ලබාදීම සිදුවිය.
චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment