අතපය හිරිවැටීම් තුනටිය වේදනාව සුවයට චීන කටු ප්‍රතිකාර

122

අතේ ඇඟිලි හිරිවැටෙනවා, ඇඟිලි වෙව්ලනවා, කොන්ද, දණහිස කැක්කුම දරාගන්න බැහැ ආදී ලෙසින් බොහෝ දෙනා තම ඇඟේපතේ අමාරුකම් කියමින් දුක් විඳිති.

මෙලෙස ඇතිවන වේදනාවන්ට සහ අපහසුතාවයනට බලපාන හේතු සාධක රැසක් ඇත. ඉන් බහුලවම දැකිය හැක්කේ ස්නායුවල හටගත් දුර්වලතාවයන් හෝ ස්නායු හානියට ලක්වීමක්, අස්ථි අතර ඇති කාටිලේජ ගෙවීයෑමක්, මුත්‍රාශයේ ගල් හට ගැනීම, මුත්‍රා ආසාදන, දියවැඩියාව ආදියයි.

ඉන් ස්නායුවල දුර්වලතාවයන් නිසා දෑත් දෙපා ඇඟිලිවල හිරිවැටීම්, ඒවා ක්‍රියාකරවීමේ දුර්වලතා ආදිය බහුලව දැකගත හැකිය.

අතපය හිරිවැටීම් තුනටිය වේදනාව සුවයට චීන කටු ප්‍රතිකාර

සන්ධි අතර කාටිලේජ ගෙවීයෑමක් නිසා ඇතිවන අපහසුතා අතර දණහිස සන්ධිය ක්‍රියාකිරීමේදී ඇතිවන වේදනාව, කොන්ද නමන විට ඇතිවන වේදනාව, බෙල්ල හරවන විට ඇතිවන වේදනාව ප්‍රධාන වශයෙන්ම හඳුනාගෙන ඇත. මෙවැනි රෝගීන් ද බහුලව සිටිති.

චීන කටු ප්‍රතිකාර

මෙවැනි ස්නායු දුර්වලතාවයක් හෝ කාටිලේජ ගෙවීයෑමක් නිසා හෝ ඇතිවන අපහසුතා සඳහා චීන කටු ප්‍රතිකාර ක්‍රමයේදී ප්‍රතිකාර ක්‍රම රැසක් භාවිත කරනු ලබයි. එහිදී ශක්තිය, මූලධර්මය මත සිදුකරන ප්‍රතිකාර නිසා රෝගයේ මූලයට ප්‍රතිකාර ලබාදීම සිදු කරයි. චීනකටු ප්‍රතිකාරවලදී සිදුකරන නිල ප්‍රතිකාරවලදී නිල උද්දීපනය කිරීම මගින් එම නිල වලට අදාළ සියලු ඉන්ද්‍රියයන්ගේ ක්‍රියාකාරීත්වය වැඩි කරනු ලබයි. එනිසා යම් දුර්වලතාවයක් නිසා එම ඉන්ද්‍රියයන්හි ක්‍රියාකාරීත්වයේ අඩාලවීමක් පැවතියේ නම් මෙම ප්‍රතිකාර මගින් එය නැති කරනු ලබයි.

චීන කටු චිකිත්සාවේ අදාළ නිල තෙරපුමට ලක්කිරීමේදී අනුගමනය කරන එක් පියවරක් වන්නේ සිරුරේ සෑම ඉන්ද්‍රියයක්ම එකකට එකක් සම්බන්ධ වන මෙරිඩියන නම් ජාලය ක්‍රියාත්මක කරවීමය. ඊට අවශ්‍ය වන පරිදි සිරුරේ ඇති නිල තෙරපුමට ලක් කරනු ලබයි. ඒ සඳහා චීන කටු වෛද්‍ය ක්‍රමයේදී හඳුනාගෙන ඇති සිරුරේ නිල රැසක් රන්, රිදී, තඹ ආදී චීන කටු (Needle) භාවිත කරමින් උද්දීපනයට ලක්කරනු ලබයි.

මෙම චීන කටු ප්‍රතිකාරයට (Acupuncture) අමතරව විද්්‍යුත් උත්තේජන උපකරණ භාවිතයෙන් (Electric Stimulator) නිල තෙරපුම, මෝසා (Moxa) උපකරණ භාවිතයෙන් නිල තෙරපුම ආදී ප්‍රතිකාර ක්‍රම රැසක් රෝගයට අදාළව භාවිත කරනු ලබයි. එහිදී එක් ප්‍රතිකාර වාරයකදී පැයක පමණ කාලයක් මෙම ප්‍රතිකාර රෝගියාට ලබාදේ. එහිදී හොඳින් නිල උද්දීපනය වී ඉන්ද්‍රිය ක්‍රියාකාරීත්වය නිසි ලෙස සිදුවීමට උත්තේජනයක් සිරුර තුළින් ලැබේ.

චීන කටු ප්‍රතිකාර ක්‍රමයට අනුව තෙරපුමට ලක් කරන සිරුරේ නිල කිහිපයක් වනුයේ Baihui (Du20) Hegu (Li 4) Huatuojiaji (Ex 21) Weizhoug (ub – 40) Huantiao (GB – 30) Zosanli, Xuehai, Dubi, Neiting ආදියයි. මෙම නිල ස්ථාන තුනටිය වේදනාව, ඇඟිලි හිරිවැටීම, ඇඟිලි ක්‍රියාකරවීමේ අපහසුතා, බෙල්ලේ වේදනාව, කලවා වේදනාව, දණහිස් වේදනාව බලපාන අවස්ථාවලදී උද්දීපනයට ලක් කළ යුතු බව චීන කටු වෛද්‍ය ප්‍රතිකාර ක්‍රමයේ සඳහන් කර ඇත. තුනටිය වේදනාව සඳහා කපින් තෙරපි නමැති විශේෂ ප්‍රතිකාර ක්‍රමය භාවිත කරනු ලබයි.

මෙහිදී දින 08ත් 10ත් අතර කාලයක් දිනකට පැයක් පමණ බැගින් චීන කටු ප්‍රතිකාර කිරීම මගින් පවතින අපහසුතා සුවපත් කිරීමට හැකියාව පවතී.

මෙවැනි අපහසුතා වර්තමානයේ තරුණ තරුණියන් අතර බහුලව දකින්නට ලැබේ. ඊට හේතුවී ඇත්තේ ඔවුන්ගේ වැරදි ඇවතුම් පැවතුම්ය. එය මුල් අවස්ථාවේදීම ප්‍රතිකාර මගින් සුවපත් කර නොගතහොත් මැදිවියට පත්වන විට උත්සන්න තත්ත්වයට පත් වේ.

චීන කටු ප්‍රතිකාර ක්‍රමයේදී කිසිදු ඖෂධ වර්ගයක් හෝ පාන වර්ග ගැනීමට නොදෙන නිසා සිරුරේ අභ්‍යන්තර ඉන්ද්‍රියයන්ට අතුරු ආබාධ කිසිවක් ඇති නොවේ.

මෙය සිරුරේ ශක්තිය වර්ධනය කරමින් ප්‍රතිශක්තිය වැඩි කරන ප්‍රතිකාර ක්‍රමයක් ලෙස හඳුනාගෙන ඇත.

නිල තෙරපුම සඳහා භාවිත කරන චීන කටු එක්වරක් භාවිත කිරීමෙන් පසු ඉවත්කරනු ලැබේ. එනිසා එකම චීන කටුව රෝගියකුට දෙවරක් භාවිත නොකරයි. එසේම එක් නිලයක් තෙරපුම සඳහා එක් චීන කටුව බැගින් අදාළ නිල සඳහා වෙන වෙනම චීන කටු භාවිත කරනු ලැබේ. එකම චීන කටුව නිල කිහිපයක් තෙරපුම සඳහා යොදාගන්නේ නැත. මෙය චීන කටු ප්‍රතිකාර ලබාගන්නා රෝගීන් දැඩි අවධානයට යොමු කළ යුතුය. එසේම චීන කටු ප්‍රතිකාරයේදී චීන කටු මගින් නිල තෙරපුමේදී ඇතිවන්නේ වේදනාවක් නොව උද්දීපනයකි. එබැවින් මෙය වේදනාකාරී ප්‍රතිකාරයක් නොවන බව වටහාගත යුතුය.

වැඩි විස්තර සඳහා දුරකථන අංක 0714299777 ඇමතිය හැකිය

අතපය හිරිවැටීම් තුනටිය වේදනාව සුවයට චීන කටු ප්‍රතිකාර

කළුබෝවිල ද සිල්වා පාර ජය සමගි මාවත කළුබෝවිල චීන කටු වෛද්‍ය සායනයේ අධ්‍යක්‍ෂ සහ
වෛකල්පිත ජාත්‍යන්තර විවෘත විශ්වවිද්‍යාලයේ
මාධ්‍ය අධ්‍යක්‍ෂ වෛද්‍ය ප්‍රසාද් දේශප්‍රිය

advertistmentadvertistment
advertistmentadvertistment