රජයේ ඉඩම් අයිතිය පැවරෙන ‘උරුමය’ 5 දා ඇරඹේ

136

රජයේ ඉඩම්වල පූර්ණ අයිතිය ජනතාවට ලබාදීමේ ජාතික වැඩසටහන පෙබරවාරි මස 05 වැනිදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරේ.

උරුමය වැඩසටහන නමින් නම් කර ඇති මෙහි පළමු අදියර යටතේ නිදහස් ඔප්පු 10,000 ක් ප්‍රදානය කිරීම සිදුවනු ඇත.

වර්ෂ 1935 දී ඉඩම් සංවර්ධන ආඥා පනත යටතේ බලපත්‍ර සහ කොන්දේසි සහිත දීමනා පත්‍ර මත බැහැර කර ඇති රජයේ ඉඩම්වල පූර්ණ අයිතිය ලබාදීම සඳහා ජනාධිපතිවරයා විසින් 2024 අයවැය යෝජනාවේ 08 වැනි යෝජනාව මගින් උරුමය වැඩසටහන ප්‍රකාශයට පත් කර තිබිණි.

advertistmentadvertistment
advertistmentadvertistment