රටේ දේශපාලන වෙනසකට අනුර කුමාර ලන්ඩනයේදී සහාය ඉල්ලයි

76

පවතින ආර්ථික තත්ත්වය හමුවේ රටේ දේශපාලන ගමන්මඟ වෙනස් කළ යුතු බවත් ඒ සඳහා ලන්ඩනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගේ සහයෝගය අපේක්ෂා කරන බවත් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ලන්ඩන් නුවර පැවැති මහජන හමුවකට එක්වෙමින් පැවසීය.

එරට ශ්‍රී ලාංකිකයන් විසින් ඒ මහතා ඉතා උණුසුම් අන්දමින් පිළිගත් අතර තවදුරටත් කතා කළ අනුර කුමාර දිසානායක මහතා මෙසේ ද කීය.

අපේ රටේ ජනතාව ආණ්ඩු හදන්න, ආණ්ඩු මාරු කරන්න, ආණ්ඩු පෙරළන්න නායකයන් මාරු කරන්න දේශපාලනයේ යෙදිලා තිබෙනවා. ඒ වෙනුවෙන් කතා කරලා තිබෙනවා. හැබැයි අවුරුද්දක් දෙකක් යනකොට ආපහු හැරිලා බැලුවම තියෙන්නෙ කලකිරීමක්. පසුතැවීමක් පමණයි. ඒ නිසා ඔබ, අපට සහාය දක්වනවා නම් ඔබ අප වෙනුවෙන් පෙනී සිටිනවා නම් අප වෙනුවෙන් කතා කරනවා නම් ඔබගේ ගෞරවය ආරක්ෂා කිරීමට අප බැඳී සිටිනවා.

අප කාටත් පැවරී තිබෙන්නේ සාමුහික ප්‍රයත්නයක්. මෙතන සහභාගි වෙලා ඉන්න ඔබ වෙනසක් පිළිබඳව විශ්වාසය තබා තිබෙනවා. ඔබ මේ රටේ ජීවත්වීම හරහා ලංකාව කුමක්ද කියන එක තේරුම් ගැනීම හරහා වෙනසක් අපේක්ෂා කරනවා. තව පැත්තකින් ඔබගේ මව්බිමේ ජීවත්වන ඥාතීන්, සොයුරන්, හිතවතුන් ඔවුන් ජීවිතයේ මුහුණදී තිබෙන අත්දැකීම් මත ඔබගේ අවබෝධය පුළුල් කරන්න ඇති. වෙනස් කරන්න ඕනේ කියලා හිතෙන්න ඇති.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment