සම්මානිත ලේඛක එච්. ඒ. සමුගනී

370

සිංහල සාහිත්‍ය පෝෂණය කරන්නට කැප වූ සම්මානනීය ලේඛකයකු හා නවකතාකරුවකු වූ එච්. ඒ. සෙනෙවිරත්න මහතා ඊයේ (22 දා) අභාවප්‍රාප්ත විය.

මිය යනවිට 83 වැනි වියේ පසු වූ සෙනෙවිරත්න මහතා එක් දියණියකගේ පියෙකි. නමක් නැති පොතක්, පව්කාරයකුගේ දිනපොත, පරාභවන්, එක්තරා ප්‍රේම කතාවක්, මෙහෙම නොවියන් කිසිදාක ආදී ග්‍රන්ථ රාශියක් ඔහු විසින් ලියා ඇත. ඇතැම් ග්‍රන්ථ සම්මානයට පාත්‍ර විය. දේහය ගල්කිස්ස මහින්ද මල් ශාලාවේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු අද (23 දා) සවස 5.00ට ගල්කිස්ස සුසාන භූමියේ දී සිදු කිරීමට නියමිතය.

advertistmentadvertistment
advertistmentadvertistment