බහින් බස්වීම දුරදිග ගොස් මල්ලීට පිහියෙන් ඇන මැරූ අයියා පෝරකයට

99

පවුලේ ප්‍රශ්නයක් මුල් කරගෙන මහමඟදී ඇතිවූ බහින් බස්වීමක් දුරදිග ගෙන ගොස් සිය එක කුස උපන් බාල සහෝදරයාට පිහියකින් ඇන ඝාතනය කිරීමේ චෝදනාවට වරදකරු කරනු ලැබූ 45 හැවිරිදි විවාහක පුද්ගලයකුට කොළඹ මහාධිකරණ විනිසුරු මහේෂ් වීරමන් මහතා පෙරේදා (21 දා) මරණීය දණ්ඩනය නියම කළේය.

2016.08.26 වැනිදා කැලණි නදීගම ප්‍රදේශයේදී සිදුවූ එම අපරාධයට එරෙහිව නීතිපතිවරයා විසින් පවරා තිබූ නඩුවක් විභාග කළ මහාධිකරණ විනිසුරුවරයා පැමිණිල්ල විසින් ගොනුකර ඇති චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පුකොට ඇති බවට නිගමනය කරමින් ධනුක ඉන්ද්‍රජිත් ගඟබොඩආරච්චි නමැත්තෙකුට එකී දඬුවම නියම කළේය. නීතිපතිවරයා වෙනුවෙන් රජයේ අධිනීතිඥ ලිෂාන් රත්නායක මහතා පැමිණිල්ල මෙහෙය විය.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment