රට බිත්තර අද සිට සුපිරි වෙළෙඳසල්වලින් රු. 40ට

101

ඉන්දියාවෙන් ආනයනය කළ බිත්තරයක් අද (28දා) සිට රුපියල් 40 බැගින් සුපිරි වෙළෙඳසල්වලින් මිලදී ගැනීමේ අවස්ථාව පාරිභෝගිකයාට ලැබෙන බව රාජ්‍ය වාණිජ නීතිගත සංස්ථාවේ සභාපති ආසිරි වලිසුන්දර මහතා ‘දිවයින’ට ඊයේ (27දා) පැවසීය.

ආනයනික බිත්තරයක් රුපියල් 35 බැගින් සතොස මගින් අලෙවි කරන බවත් ඇසුරුම් කරන ලද බිත්තර සුපිරි වෙළෙඳසල්වලින් අලෙවි කරන බවත් ඒ මහතා පැවසීය.

මේ වන විට කොළඹ, කළුතර, ගම්පහ බිත්තර සතොස සහ සුපිරි වෙළෙඳසල්වලින් අලෙවි කරන බවත් ලබන සතියේ මුල සිට කුරුණෑගල, පුත්තලම දිස්ත්‍රික්ක හැරෙන්න අනෙක් දිස්ත්‍රික්කවලට ද බිත්තර බෙදාහැරීම සිදුකරන බවත් ඒ මහතා පැවසීය.

දිනකට බිත්තර ලක්ෂ 10 බැගින් බෙදාහැරීමට සංචිත පවත්වාගෙන ඇති බවත් එම සංචිත අඩු වන ප්‍රමාණයට දෛනිකව බිත්තර ලැබෙන බවත් ඒ මහතා පැවසීය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment