රණසිංහ ප්‍රේමදාස සැමරුම අද

19

දිවංගත ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ 32 වැනි මතක සැමරුම් උත්සවය අද (01දා) පෙරවරු 8.00 ට කොළඹ අලුත්කඩේ හිදී පැවැත්වේ.

ප්‍රේමදාස මහතා මෙරට දෙවන විධායක ජනාධිපතිවරයාය.

ඒ මහතාගේ බිරිඳ හේමා ප්‍රේමදාස, පුත් සජිත් ප්‍රේමදාස, දුව දුලංජලී ප්‍රේමදාස සහ සජිත් ප්‍රේමදාස මහතාගේ බිරිඳ ජලනි ප්‍රේමදාස ඇතුළු පවුලේ හිතවතුන්, ඥාතිමිත්‍රාදීන්, දේශපාලනඥයන් මෙන්ම පාක්ෂිකයන් ද මීට සහභාගිවීමට නියමිතය.

අලුත්කඩේ පිහිටි ප්‍රේමදාස පිළිරුවට පුෂ්පෝපහාර පුද කරමින් මෙම සැමරුම් උත්සවය ආරම්භ කෙරේ.

අකිත පෙරේරා


advertistmentadvertistment