රන් මිල ඉහළට

91

මෙරට රත්‍රං මිල ගණන් ඉහළ ගොස් ඇත. මේ අනුව ඊයේ (27) පෙරවරුවේ කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි ‘කැරට් 22’ රන් පවුමක මිල රු. 168,500ක් දක්වා ඉහළ ගොස් තිබේ.

පසුගිය සතියේ බදාදා දිනයේ දී එම අගය දැක්වුණේ රු. 163,700ක් ලෙසය.

මේ අතර පසුගිය බදාදා රු. 177,000ක් ලෙස පැවැති ‘කැරට් 24’ රන් පවුමක මිල අද වන විට රු. 182,000ක් දක්වා ඉහළ ගොස් ඇති බව ද කොළඹ හෙට්ටිවීදිය රත්‍රං වෙළෙඳපොළ ආරංචි මාර්ග පවසයි.
ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment