රළු ජලමත මුදාගැනීමේ APAD පුහුණුව අද සහ හෙට කිතුල්ගලදී

21

ආපදා කළමනාකරණය සඳහා වන ආසියා-පැසිෆික් සන්ධානය (APAD) සංවිධානය කරන ගලා යන රළු ජලය මත ආපදා සෙවීමේ සහ මුදාගැනීමේ ගංවතුර ප්‍රතිචාරය පුහුණු කිරීමේ දෙවැනි අදියරේ වැඩසටහන අද (26) සහ හෙට (27) පුරා දෙදිනක් කිතුල්ගල දී පැවැත්වේ.

කැලණි ගඟ තුළ සිදුකරනු ලබන මෙම පුහුණුව සඳහා ත්‍රිවිධ හමුදාව ඇතුළු විවිධ තරාතිරමේ සිවිල් ක්‍රියාධරයන් 24 දෙනකු සහභාගිවන අතර, ආපදා කළමනාකරණය සඳහා වන ආසියා – පැසිෆික් සන්ධානය යටතේ මෙරටට පැමිණ සහභාගිවන අන්තර්ජාතික පුහුණුකරුවන් සත් (7) දෙනකු විසින් පුහුණුව මෙහෙයවනු ලබයි.

ශ්‍රී ලංකාවේ නිතර ඇතිවන ගංවතුර ආපදා තත්ත්වයන්ට මුහුණදීම සහ එවන් අවස්ථාවන්හිදී රළු ගලායන ජලයේදී මුදාගැනීමේ හැකියාව දියුණු කිරීම මෙම පුහුණුවේ අරමුණ බව ආපදා කළමනාකරණය සඳහා වන ආසියා – පැසිෆික් සන්ධානයේ ශ්‍රී ලංකා නියෝජිත ෆර්ශාන් හසීම් මහතා සඳහන් කළේය. සහභාගිවන්නන්ට සහතික පත්‍ර ප්‍රදානය හෙට (27දා) දහවල් කිතුල්ගලදී සිදුකෙරේ.

ජගත් කණහැරආරච්චි

advertistmentadvertistment
advertistmentadvertistment