රාහුල් ගාන්ධිට සිර දඩුවම්

356


ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ට අපහාස කිරීමේ චෝදනාව මත ඉන්දීය
ප්‍රාදේශීය අධිකරණයක් විසින් කොංග්‍රස් නායක රාහුල් ගාන්ධි ට
වසර දෙකක සිර දඬුවමක් ලබා දී තිබේ.
2019 මහා මැතිවරණ සමයේ කර්ණාටක ප්‍රාන්තයේ පැවැති දේශපාලන රැස්වීමකදී කොංග්‍රස් නායකයා වත්මන් අගමැතිගේ වාසගම යොදා ගෙන අපහාසය සිදු කළ බවට භාරතීය ජනතා පක්ෂ මන්ත්‍රී වරයෙකු විසින් අධිකරණයේ හමුවේ නඩුවක් ගොනු කර තිබිණි. පුරා වසර හතරක් තිස්සේ විභාග වුණු මේ නඩුවේ තීන්දුව අද දිනයේ ලබා දී තිබිණි.

ඉන්දියාවේ සුරත් දිස්ත්‍රික් අධිකරණය විසින් මෙම නඩුවේ තීන්දුව ලබා දෙන අවස්ථාවේ කොංග්‍රස් නායක රාහුල් ගාන්ධි ද අධිකරණය හමුවේ පෙනී සිටියේය
වසර දෙකක සිර දඬුවම් ලබා දීමෙන් පසු කොංග්‍රස් නායකයා ට එවෙලේම ඇප හිමි විය. ඒ අනුව ඔහු ට මේ නඩු තීන්දුවට එරෙහි ව ඉහළ අධිකරණය ට අභියාචනයක් ඉදිරිපත් කළ හැකි ය.


advertistmentadvertistment