විදේශිකයෝ පාපැදිවලින් රටපුරා යති

266

මෙරටට පැමිණි විදේශීය සංචාරකයන් පිරිසක් පාපැදියෙන් දිවයින පුරා සංචාරයක නිරත වෙමින් (24) දින හැටන් නගරයේ සංචාරයේ නිරත විය.

ඔස්ටේ්‍රලියාව, නවසීලන්තය, අයර්ලන්තය, එංගලන්තය, ස්විස්ටර්ලන්තය සහ ජර්මනිය යන රටවල් වල සංචාරකයන් 16 දෙනකු මෙම පාපැදි සංචාරයට එක් වී සිටිහ.

ඉකුත් (17දා) මීගමුවෙන් සංචාරය ආරම්භ කළ මෙම විදේශීය සංචාරකයන් පිරිස මේ වන විට අනුරාධපුර, පොලොන්නරුව, සීගිරිය, දඹුල්ල, මහනුවර, හැටන්, තිස්සමහරාමය, ගාල්ල, මිරිස්ස දක්වා කිලෝමීටර් 900 ක් දුර පාපැදියෙන් සංචාරයේ නිරත වන බවයි. එම සංචාරයට එක් වී සිටින ඉන්ටි්‍රපිඩ් සංචාරක සමාගමේ මඟපෙන්වන්නකු වශයෙන් කටයුතු කරන චන්දන ප්‍රියදර්ශන මහතා කියා සිටියේය.

මිරිස්සෙන් අනතුරුව එම සංචාරකයන් පිරිස මුහුදුබඩ ප්‍රදේශයේ දින කිහිපයක් සංචාරය කිරීමෙන් අනතුරුව යළිත් ඔවුන්ගේ රටවල්වලට යෑමට නියමිතය. මේ දිනවල කාසල්රි ජලාශය අවට පිහිටි සංචාරක නිකේතනවලට විදේශිකයන් විශාල පිරිසක් පැමිණෙමින් සිටින අතර, එම පිරිස ජලය මත ලිස්සා යන ගුවන් යානා මගින් එම සංචාරක හෝටල් වෙත පැමිණෙයි.

නුවරඑලිය – නාලක රත්නායක

advertistmentadvertistment
advertistmentadvertistment