රුපියල් කෝටි 12ක් වටිනා මත්ද්‍රව්‍ය තොගයක් සමග කාන්තාවන් තිදෙනෙකු ශ්‍රී ලංකා රේගුව අත්අඩංගුවට ගෙන තිබේ.
එම කාන්තාවන් තිදෙනා කුෂ් මත්ද්‍රව්‍ය තොගය විදුලි උපකරණ තුළ සඟවාගෙන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ , ව්‍යාපාරිකයින් සඳහා වන රක්ත මාවත ( red lane ) ඔස්සේ පිටව යාමට තැත් කරද්දී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඊයේ (19) රාත්‍රියේදී ඔවුන් මෙරට පැමිණ ඇති අතර ඔවුන් කොළොන්නාව ප්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි මවක සහ 18 හැවිරිදි ඇගේ දියණිය මෙන්ම වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි 56 හැවිරිදි ව්‍යාපාරික කාන්තාවක්ද වේ.
මොවුන් මෙම මත්ද්‍රව්‍ය තොගය තායිලන්තයෙන් මිලදී ගෙන ඒවා වායුසමීකරණ සහ විදුලි ආහාර පිසීමේ උපකරණ 07ක් තුළ සූක්ෂමව සඟවා ඉන්දියාවේ චෙන්නායි නුවර වෙත පැමිණ ඇති අතර පසුව එතැන් සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ ඇති බවත් රේගු නිලධාරීන් පැවසීය.
එමෙන්ම මෙම කාන්තාවන් තිදෙනා මීට පෙර අවස්ථා ගණනාවකදීම මේ ආකාරයට විදුලි උපකරණ රැගෙන විත් ඇති බවත් රේගු නිලධාරීන් අනාවරණය කරගෙන ඇත.
අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගය සමග ඒවා රැගෙන ආ කාන්තාවන් තිදෙනා පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කටුනායක ගුවන්තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ නිලධාරීන් වෙත භාර දීමට පියවර ගෙන ඇත.