රුසියානු හිටපු තානාපති අවුරුදු දෙකක් හැංගිලා හිටියේ ඇයි – ඇමැති සුසිල් ප්‍රේමජයන්ත

323

රුසියානු හිටපු තානාපති අවුරුදු 02ක් තිස්සේ හැංගිලා හිටියේ ඇයි කියලා අහන්න යැයි සභානායක, අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත පාර්ලිමේන්තුවේ දී ඊයේ (05 වැනිදා) පැවසීය.

ඒ මහතා ඒ බව කියා සිටියේ රුසියානු යුද්ධයට ගිය මෙරට සෙබළුන් යළි ගෙන්වා ගැනීමේ වැඩපිළිවෙළ සම්බන්ධයෙන් විපක්ෂය විසින් ආණ්ඩුවෙන් අසනු ලැබූ අවස්ථාවේදීය. එහිදී විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කියා සිටියේ රුසියාවේ හිටපු තානාපතිට එරට සම්බන්ධතා ඇති නිසා ඔහුගේ සේවය ලබා ගන්නා ලෙසය.

ඊට පිළිතුරු දුන් සුසිල් ප්‍රේමජයන්ත මහතා මෙසේ කීය. රුසියානු හිටපු තානාපති අවුරුදු 02ක් තිස්සේ හැංගිලා හිටියේ ඇයි කියලා අහන්න. ඔය වගේ ලොකු කතා කියන්නේ නැතුව, ඔය කියන පුළුවන්කම් ඔක්කොම තියෙද්දීත් හැංගිලා හිටියේ ඇයි කියලා අහන්නකෝ. ඔබතුමාලාට ලොකු වැඩ කොටසකුත් තියෙනවා ඉස්සරහට ඔය සම්බන්ධයෙනුත් කටයුතු කරන්න.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment