උණ රෝගයට ප්‍රතිකාර ලබා ගැනීමට ගොස් සිටියදී යාපනය ශික්ෂණ රෝහලෙන් අතක් කපා ඉවත් කළ දැරිය පෙරේදා (19 දා) යළි පාසල් ගිය අවස්ථාව ඉතා සංවේගජනක අවස්ථාවක් විය.
මැණික් කටුව ළඟින් කපා ඉවත් කරන ලද පුංචි වෛසාලිගේ අත දැකීමෙන් ඇගේ සහෝදර ශිෂ්‍ය ශිෂ්‍යාවන් හා ආචාර්යවරු කදුළු සලන්නට වූහ.
යාපනය හින්දු ප්‍රාථමික පාසලේ ශිෂ්‍යාවක් වන ශාන්ති වෛසාලි යළි පාසල් ගිය අවස්ථාවේදී ඇයට මල් කළඹක් දී ඇගේ සහෝදර ශිෂ්‍යාවන් පිළිගත් අතර ඇය දිරිගැන්වීම සඳහා පාසල් සංවර්ධන සමිතිය හා විදුහල්පතිතුමා ඇතුළු ගුරු මණ්ඩලය විශේෂ උත්සවයක්ද සංවිධානය කොට තිබුණි. එහිදී ඇගේ අනාගතය වෙනුවෙන් ලබාදිය හැකි සියලුම පහසුකම් ලබාදීමට පාසල් සංවර්ධන සමිතිය එකඟ වූ අතර යාපනයේ තවත් ස්වෙච්ඡා සංවිධාන කීපයක්ම ඇයව දිරි ගැන්වීම සඳහා ඉදිරිපත් වී සිටී.
අට හැවිරිදි මෙම දැරියට අවශ්‍ය මනෝ ප්‍රතිකාර ලබාදීම සඳහා යාපනය ශික්ෂණ රෝහලේ වෛද්‍ය කණ්ඩායමක් ස්වෙච්ඡාවෙන් ඉදිරිපත් වී සිටී. දැරිය සම්බන්ධයෙන් වූ නඩු විභාගය ලබන 27දා යළි විභාගයට ගැනීමට නියමිතය.
දිනසේන රතුගමගේ