ලංකා ඔටෝමොබයිල් සංගමයේ යාවජීව සාමාජික සාගල රත්නායකට උපහාර දක්වයි

94

ලංකා ඔටෝමොබයිල් සංගමයේ සභාපති ධම්මික ආටිගල මහතා සහ විධායක කමිටු සාමාජිකයෝ ප්‍රධාන ආරක්ෂක උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී යාවජීව සාමාජික සාගල රත්නායක මහතා වෙත උපහාර පුද කළහ. ඒ ලංකා ඔටෝමොබයිල් සංගමයට ඒ මහතා කරන ලද කැප කිරීම සහ සේවය වෙනුවෙනි.

මෙම අවස්ථාවට විධායක කමිටු සාමාජිකයන් වන කීර්ති ගුණවර්ධන (උප සභාපති), පී. එච්. ලියනගේ සහ ලේකම් දේවප්‍රිය හෙට්ටිආරච්චි යන මහත්වරුද සහභාගී වූහ. මෝටර් රථ සංගමයේ සභාපති ධම්මික ආටිගල මහතා විසින් සාගල රත්නායක මහතාට සමරු ඵලකය ප්‍රදානය කිරීම පසුගියදා AAC මූලස්ථානයේදී සිදුකළ අයුරු. ලංකා ඔටෝමොබයිල් සංගමයේ ලේකම් දේවප්‍රිය හෙට්ටිආරච්චි මහතා ද එම අවස්ථාවට එක්ව සිටියේය.

advertistmentadvertistment
advertistmentadvertistment