වට්ස් ඇප් මගින් දැනුම් දී පෙම්වතිය ගෙල වැලලාගෙන මරු තුරුලට

1221

පෙම්වතා තොණ්ඩුව ගලවා සිරුර ගෙනගොස් කැලයක තනිකරලා !
පොලිසියෙන් සුළ මුළ සොයයි

වට්ස් ඇප් මගින් කලින් දැනුම් දී ගෙල වැලලාගත් සිය පෙම්වතිය බේරාගන්න තොණ්ඩුවෙන් ගලවා මිතුරා සමග යතුරුපැදියෙන් රෝහලට රැගෙන යමින් සිටි පෙම්වතා ඇය මියගිය බව දැනගෙන කැලයකට දමා ගිහින්.

වට්ස් ඇප් මගින් දැනුම් දී පෙම්වතිය ගෙල වැලලාගෙන මරු තුරුලට

බාල්කයේ ගෙල වැලලාගෙන සිටි පෙම්වතිය ඉන් ගලවා මිතුරා සමඟ යතුරුපැදියෙහි තබාගෙන රැගෙන ගියේ රෝහලට ගෙනියන්න. නමුත් යතුරු පැදියේ ඉන්ධන නැති නිසා පෙම්වතිය අතරමග කැලයක දමා ඉන්ධන සොයා ගියා කියා පෙම්වතා පොලිසියට පවසලා. එම ප්‍රකාශයේ සත්‍යතාව පිළිබඳ පොලිසියට ගැටලුවක්.

වේයන්ගොඩ දන්විලාන ප්‍රදේශයේ කුලී නිවසක පදිංචිව සිටි රූමත් තරුණියක් නිවසේ බාල්කයක ඇඳ ඇතිරිල්ලක් යොදාගෙන ගෙල වැලලාගෙන සිටියදී ඇගේ පෙම්වතා විසින් ඇයව ඉන් ගලවා මිතුරකු සමඟ යතුරු පැදියකින් රැගෙන ගොස් පෙරේදා (18දා) රාත්‍රී 7.24 ට පමණ නිට්ටඹුව පින්නගොල්ල වත්ත ප්‍රදේශයේ පාළු ඉඩමක දමා තිබියදී මළසිරුර සොයා ගත් බව වේයන්ගොඩ පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ වතුපිටිවල රණවිරුගම ප්‍රදේශයේ පදිංචිව සිටි සචිනි ගයත්‍රි නමැති 21 හැවිරිදි රූමත් තරුණියකි.

තරුණියගේ මළ සිරුර රැගෙන ගොස් කැලේක දමා ගිය පෙම්වතා සහ ඔහුගේ මිතුරා ද වේයන්ගොඩ සහ නිට්ටඹුව පොලිස් ස්ථාන වෙත වෙන වෙනම බාරවී ඇත. පසුව පොලිසිය විසින් ඔවුන් දෙදෙනා රඳවාගෙන ප්‍රශ්න කර ඇත.

පෙම්වතා නිට්ටඹුව හුබුටියාව ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි විවාහක අයෙකු බව පොලිසිය පවසයි.

තරුණිය ගෙල වැලලා ගැනීමට පෙර ඇඳ ඇතිරිල්ල බාල්කයේ එල්ලා සිය ජංගම දුරකථනයෙන් එහි ඡායාරූපයක් ගෙන “මම ඔයාට ගොඩක් ආදරෙයි. ඔයා මට මේ කරපු දේට ඔයාට දවසක විඳවන්න වෙයි. මම නොකරපු දේකට මාව අල්ලල මට ආදරේ නොකර මාව අසරණ කළා. දවසක කල්පනා කරලා බලන්න මොකද කළේ කියල. සතුටින් ඉන්න” යනුවෙන් වූ සටහනක් ද සමගින් සිය පෙම්වතාට වට්ස් ඇප් මාර්ගයෙන් යොමු කර තිබූ අයුරු දෙදෙනාගේ ජංගම දුරකථන පරීක්ෂා කිරීමේදී අනාවරණය වූ බව පොලිසිය පවසයි.

අදාළ වට්ස් ඇප් පණිවිඩය ලැබීමෙන් අනතුරුව පෙම්වතා විසින් කිහිප වරක්ම පෙම්වතියට දුරකථන ඇමතුම් ගැනීමට උත්සාහ දරා ඇති නමුත් එය ව්‍යර්ථ වූ පසුව ඔහුට ඇතිවූ කුතුහලයත් සමග ඔහු පෙම්වතිය පදිංචිව සිටි වේයන්ගොඩ දන්විලාන කුලී නිවස වෙත ගොස් ඇත. එහිදී නිවස වසා තිබූ බැවින් එම නිවසේ යාබද කොටසක පදිංචි නිවෙස් හිමි යුවළගෙන් සිය පෙම්වතිය පිළිබඳ කරුණු විමසා සිටියත් තරුණිය නිවසේ සිටිනවා ද නැද්ද යන්න වත් තමන් නොදන්නා බව ඔවුන් ඔහුට පවසා ඇත. එම අවස්ථාවේ කලබලයට පත් පෙම්වතා වහා නිවස පිටුපසට දිව ගොස් වහලයට නැග උළුකැට කීපයක් ඉවත් කර පෙම්වතියගේ කාමරයට ඇතුළු වී ඇති බවත් එහිදී පෙම්වතිය ගෙල වැලලාගෙන සිටිනු දැකීමෙන් අනතුරුව ගෙල වැලලා ගෙන සිටි ඇඳ ඇතිරිල්ල ගලවා ඉවත්කර තරුණියට කබායක් ද පොරවා ඇය උස්සාගෙන ගොස් ඔහු සමග පැමිණි සිය මිතුරාගේ යතුරුපැදියෙහි දමාගෙන රෝහල්ගත කිරීමට යන බව නිවැසියන්ට පවසා ඉන් පිටත්ව ඇති බවත් මූලික පොලිස් විමර්ශනවලින් හෙළි වී ඇත.

පසුව අතුරු මාර්ග ඔස්සේ ගමන් කර නිට්ටඹුව පින්නගොල්ල වත්ත ප්‍රදේශයේ පාළු ඉඩමක කැලෑබදව අදාළ තරුණියගේ මළසිරුර දමා පෙම්වතා සිය මිතුරා සමඟ එම ස්ථානයෙන් යතුරුපැදියෙන් පිටත්ව ගොස් ඇති අතර එම දර්ශන අසල නිවසක සවිකර තිබූ සීසීටීවී කැමරා දර්ශනවල පටිගත වී ඇත.

ඒ අතරතුර මියගිය තරුණිය පදිංචිව සිටි කුලී නිවසෙහි හිමිකාර යුවළ වේයන්ගොඩ පොලිස් ස්ථානයට පැමිණ කුලී පදනම මත සිටි තරුණිය අතුරුදන්ව ඇති බවට පවසා ඇත. එහිදී පොලිස් ස්ථානාධිපතිවරයා විසින් දීර්ඝව එම යුවළගෙන් කරුණු විමසීමත් සමඟ අදාළ තරුණිය අතුරුදන් නොවූ බවත් ඇගේ පෙම්වතා තවත් මිතුරකු සමඟ පැමිණ ඇගේ කාමරයට වහලයෙන් ඇතුළුවී පසුව කබායක් ද තරුණියට පොරවාගෙන ඇය උස්සාගෙන යතුරුපැදියේ දමාගෙන පලා ගිය බවත් කියා ඇත.

වට්ස් ඇප් මගින් දැනුම් දී පෙම්වතිය ගෙල වැලලාගෙන මරු තුරුලට

සුළු වේලාවකට පසුව අදාළ පෙම්වතාද වේයන්ගොඩ පොලිස් ස්ථානයට පැමිණ ඇති අතර එහිදී පොලිස් නිලධාරීන් විසින් ඔහු රඳවා ගෙන සිදුකළ ප්‍රශ්න කිරීම් හමුවේ තරුණියගේ මළ සිරුර දමා ගොස් ඇති ස්ථානය පිළිබඳ තොරතුරු අනාවරණය කර ගැනිණි අනතුරුව ක්ෂණිකව ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන් කණ්ඩායමක් අදාළ ප්‍රදේශයට ගොස් ප්‍රදේශවාසීන්ගේ ද සහාය ඇතිව කැලෑබද ස්ථාන සියල්ල සෝදිසි කිරීමෙන් අනතුරුව මළ සිරුර සොයා ගැනිණි.

තරුණියගේ මළ සිරුර නිවසෙන් රැගෙන වතුපිටිවල මූලික රෝහල වෙත ගමන් කරමින් සිටියදී යතුරුපැදියෙහි ඉන්ධන නොමැති වීම නිසා මෙම පාළු කැලෑබද ඉඩමෙහි තරුණියගේ මළ සිරුර දමා ඉන්ධන සොයා නිට්ටඹුව ප්‍රදේශයට යතුරු පැදියෙන් ගමන් කළ බවත් අදාළ පෙම්වතා පොලිසිය හමුවේ කරුණු පවසා ඇත.

නමුත් ඉන්ධන ලබා ගැනීමෙන් අනතුරුව සිය මිතුරා නැවතත් මළ සිරුර රැගෙන යෑමට බියක් දැක්වීම හේතුවෙන් ඔහු නැවත තමා සමග නොපැමිණි බවත් ඒ අනුව තමා මෙසේ පොලිස් ස්ථානය වෙත පැමිණි බවත් පෙම්වතා පොලිස් නිලධාරීන් ට කියා ඇත.

යතුරු පැදියේ ඉන්ධන අවසන්වීම නිසා පෙම්වතිය රෝහලට රැගෙන යෑමට නොහැකි වූ බව පෙම්වතා පොලිසියට ප්‍රකාශ කර ඇතත් ඔවුන් තරුණිය ගෙල වැලලාගත් නිවසින් පිටත් වී වතුපිටිවල මූලික රෝහල දෙසට ගමන් නොකර අතුරු මාර්ග කිහිපයක් ඔස්සේ බොහෝ දුරක් යතුරු පැදිය ධාවනය කර තිබීමත් තරුණිය කැලෑබද පාළු වත්තේ දමා ඉන්ධන සෙවීම සඳහා ගමන් කර ඇති දුරත් පිළිබඳව සැලකීමේදී ඉන්ධන නොමැති වූ බව කියන ප්‍රකාශයේ සත්‍යතාවක් තිබේදැයි පිළිබඳව සොයා බලන බවත් පොලිසිය පවසයි.

පෙම්වතාගේ යාළුවා වූ යතුරු පැදියේ පැදිකරු ද නිට්ටඹුව පොලිස් ස්ථානය වෙත පසුව භාර වී ඇත. ඔහු ද පොලිසිය විසින් සිය භාරයට ගැනිණි. ඔහුගෙන් කළ ප්‍රශ්නකිරීම් හමුවේ පවසා ඇත්තේ තරුණිය යතුරුපැදියෙහි දමාගෙන රැගෙන යන අතරමග සිය මිතුරා (පෙම්වතා) විසින් තරුණිය මිය ගොස් ඇති බවට තමන්ට පැවසූ බවත් එහිදී තමා දැඩි භීතියට පත් වූ බවත්ය.

මියගිය තරුණිය මෙම තරුණයා සමග ඇති කරගත් ප්‍රේම සම්බන්ධතාවට ඇගේ දෙමාපියන් අකැමැති වීම නිසා මීට වසරකට පමණ පෙර ඇය නිවසෙන් පිටත්ව ගොස් වෙනත් ප්‍රදේශයක කුලී නිවසක පදිංචිවී ඇඟලුම් රැකියාවක නිරතවී සිට ඇත. අනතුරුව ඇය මීට දින 16 කට පමණ පෙර ගෙල වැලලාගත් වේයන්ගොඩ දන්විලාන ප්‍රදේශයේ කුලී නිවසට පැමිණ ඇති අතර පෙම්වතා ද නිරන්තරයෙන් ඇය හමුවීමට එම නිවසට පැමිණ ඇති බව පොලිසිය පවසයි.

වට්ස් ඇප් මගින් දැනුම් දී පෙම්වතිය ගෙල වැලලාගෙන මරු තුරුලට

කලකට ඉහත දී මියගිය තරුණියගේ පියා විසින් දියණියගේ මෙම පෙම්වතාට පහර දී ඇති බවත් ඒ සම්බන්ධයෙන් අධිකරණයේ නඩුවක්ද පැවති බවත් හෙළිවේ.

තරුණියගේ මළ සිරුර දමා තිබූ ස්ථානයේ සහ ගෙල වැලලාගත් නිවසෙහි මහෙස්ත්‍රාත් පරීක්ෂණය සහ පොලිස් අපරාධ පරීක්ෂණ නිලධාරීන් ගේ ස්ථානීය පරීක්ෂණ කටයුතු සිදු කෙරිණි. පශ්චාත් මරණ පරීක්ෂණය වතුපිටිවල මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී රමේෂ් අලගියවන්න මහතා විසින් ඊයේ (19දා) පැවැත්වූ අතර මරණයට හේතුව ගෙල වැලලා ගැනීමක් බව වෛද්‍ය වාර්තාවේ සඳහන්ව ඇත.

වේයන්ගොඩ පොලිස් ස්ථානයේ වැඩබලන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක වීරසිංහ මහතාගේ උපදෙස් මත අපරාධ අංශයේ ස්ථානාධිපති පො. ප. සුනිල් මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් විසින් විමර්ශන මෙහෙයවූහ.
වේයන්ගොඩ ඉන්දික තුෂාර

advertistmentadvertistment
advertistmentadvertistment