ලංකා බැංකුවේ එක්සත් බෞද්ධ සංගමය වාර්ෂිකව සංවිධාන කරන ”‍මුණි ගුණ වරුණ”‍ බැති ගී සරණිය මෙවරත් ලංකා බැංකු ප්‍රධාන කාර්යාල පරිශ්‍රයේදී සාර්ථකව පැවැත්විණි.

ලංකා බැංකුවේ සභාපතිතුමන්, අධ්‍යක්ෂ මණ්ඩලය, මහා කළමනාකාරතුමා ඇතුළු ආයතනික සහ විධායක කළමනාකාරිත්වයේද කාර්ය මණ්ඩලීය සහ විශ්‍රාමික මහත්ම මහත්මීන් රැසකගේ සහභාගිත්වයෙන් මෙම බැති ගී ප්‍රසංගය පැවැත්විණි.

ප්‍රවීණ සංගීතවේදී නාලක අංජන කුමාර මහතාගේ සංගීත අධ්‍යක්ෂණයෙන් සහ මෙහෙයවීමෙන් පැවැත්වුණු මෙම බැති ගී සරණිය සඳහා ලංකා බැංකුවේ වත්මන් කාර්ය මණ්ඩලය නියෝජනය කරමින් කණ්ඩායමක්ද, ලංකා බැංකුවේ විශ්‍රාමිකයන් නියෝජනය කරමින් බැති ගී කණ්ඩායමක්ද සහභාගී විය. ජනප්‍රිය බොදු බැති ගී මෙන්ම, ලංකා බැංකුවේ කාර්ය මණ්ඩල සාමාජික සාමාජිකාවන් විසින් රචනා කළ නව වෙසක් බැති ගී සංකලනය කරමින් මෙම වැඩසටහන සැලසුම් කර තිබීම විශේෂත්වයක් විය.

advertistmentadvertistment
advertistmentadvertistment