ඇමැති ප්‍රසන්නගේ නිවසට ගිනි තැබීම: මහාචාර්ය නැදලගමුවේ ධම්මදින්න හිමියන්ට ඇප

323

ඇමැති ප්‍රසන්න රණතුංග මහතාගේ නිවස ඇතුළු තවත් දේපොළ ගිනි තබා විනාශ කළේ යැයි චෝදනා සම්බන්ධයෙන් අධිකරණය හමුවට ඉදිරිපත් කෙරුණු අළුතෑපොල ගණේකන්ද පුරාණ රජ මහා විහාරාධිපති, කැලණිය විශ්වවිද්‍යාලයේ චීන භාෂා අංශයේ මහාචාර්ය නැදලගමුවේ ධම්මදින්න හිමියන් රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදාහරින ලෙසට ගම්පහ මහෙස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා 27 වැනිදා නියම කළේය.

ගම්පහ පොලිසිය කළ දැනුම්දීමක් මත ධම්මදින්න හිමියන් 27 වැනිදා උදේ ගම්පහ පොලිස් ස්ථානය වෙත ගොස් තිබේ. එහිදී පොලිසිය මගින් අත්අඩංගුවට ගත් හිමියන් 27 දා දහවල් හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීම සඳහා ආවරණය කර ගම්පහ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරිණි. මහෙස්ත්‍රාත් නිල මැදිරියේ දී නඩුව කැඳවිණි. නීතිඥ මණ්ඩලයක් ධම්මදින්න හිමියන් වෙනුවෙන් අධිකරණය හමුවේ කරුණු දැක්වීමෙන් අනතුරුව හඳුනාගැනීමේ පෙරට්ටුව අවලංගු කළ අධිකරණය සැකකාර හිමියන් රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදාහරින ලෙසට නියම කළේය. ඔක්තෝම්බර් මස 05 වැනිදා නඩුව නැවත කැඳවීමට නියම විය.

මිනුවන්ගොඩ – ටෝනි කරුණානායක

advertistmentadvertistment
advertistmentadvertistment