ලංකා බැංකුවේ 2020 – 2021 විශිෂ්ටතම ශාඛා ඇගයීමේ ‘BOC Spirit Awards’ සම්මාන උලෙළ සාර්ථකව නිම වෙයි

80

මෙරට අංක 1 බැංකුව, ලංකා බැංකුව විසින් පසුගියදා පවත්වනු ලැබූ උත්සවයකදී 2020 සහ 2021 වසර සඳහා සිය විශිෂ්ටතම ශාඛා වෙත සම්මාන පිරිණැමීම සිදුකෙරිණි.

ලංකා බැංකුවේ සභාපති කාංචන රත්වත්තේ හා මහා කළමනාකරු කේ. ඊ. ඩී. සුමනසිරි යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම උත්සවය සඳහා ලංකා බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලය, ආයතනික හා විධායක කළමනාකාරීත්වයේ සාමාජික සාමාජිකාවෝ මෙන්ම දිවයින පුරා ඉහළම සාධනීය මට්ටමක් වාර්තා කළ ලංකා බැංකු ශාඛාවල කාර්‍යමණ්ඩල සාමාජික සාමාජිකාවෝද සහභාගි වූහ.

මෙහිදී 2020 වසරේ හොඳම ශාඛාව ලෙස ලංකා බැංකුවේ මැදිරිගිරිය ශාඛාව සම්මාන දිනූ අතර, 2021 වසරේ හොඳම ලංකා බැංකු ශාඛාව ලෙස විශාඛා ශාඛාව ඇගයීමට ලක්විය.

ජයග්‍රාහකයින්ට සම්මාන හා ත්‍යාග පිරිණැමීම ලංකා බැංකුවේ අධ්‍යක්ෂ ආචාර්ය හර්ෂ විජයවර්ධන සහ මහා කළමනාකරු කේ. ඊ. ඩී. සුමනසිරි යන මහත්වරුන්ගේ අතින් සිදු විය.

එමෙන්ම විවිධ කාණ්ඩ යටතේ සුවිශේෂී ජයග්‍රහණ වාර්තා කළ තවත් ශාඛා රැසක් මෙම සම්මාන ප්‍රදානෝත්සවයේදී ඇගයීමට ලක් වූ අතර, පසුගිය වසර දෙක තුළ ලංකා බැංකුවේ ජයග්‍රහණ වෙනුවෙන් කැප වූ ලංකා බැංකු කාර්යමණ්ඩල සාමාජික සාමාජිකාවන් සෑම පළාතක්ම ආවරණය වන පරිදි ඇගයීමට ලක් කෙරිණි.

advertistmentadvertistment
advertistmentadvertistment