ලංකා බැංකුව 2022 වසරේ උසස් පෙළ විශිෂ්ටයින් අගයමින් රුපියල් මිලියන 30කට අධික ‘නැණ ජය’ ශිෂ්‍යත්ව ප්‍රදානය කරයි

29

ලංකා බැංකුව විසින් වාර්ෂික ව ක්‍රියාත්මක කරනු ලබන ‘නැණ ජය‘ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව වැඩසටහනෙහි 2022 / 2023 වසරේ අ.පො.ස. උසස් පෙළ ඉහළින් සමත් වූ සිසු සිසුවියන් සඳහා ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීම පසුගියදා ලංකා බැංකු ප්‍රධාන කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී උත්සවාකාරයෙන් පැවැත්විණි.

ලංකා බැංකුවේ සභාපති කාවන් රත්නායක සහ මහා කළමනාකරු / ප්‍රධාන විධායක නිලධාරී රසල් ෆොන්සේකා යන මහත්වරු ප්‍රධාන ලංකා බැංකු ආයතනික හා විධායක කළමනාකාරිත්වයේ සාමාජික සාමාජිකාවෝ සහ ශිෂ්‍යත්ව ලාභීහු හා ඔවුන්ගේ දෙමාපියෝ මෙම අවස්ථාවට සහභාගි වූහ.

මෙවර ඊධක්‍ නැණජය ශිෂ්‍යත්ව වැඩසටහන මගින් ජීව විද්‍යාව, භෞතික විද්‍යාව, වාණිජ, කලා, ජෛව පද්ධති තාක්‍ෂණය සහ ඉංජිනේරු තාක්‍ෂණවේදය යන ප්‍රධාන විෂය ධාරා 06 ඔස්සේ 2022 අ. පො. ස උසස් පෙළ විභාගය විශිෂ්ට ලෙස සමත් වූ සිසු සිසුවියන් සඳහා ශිෂ්‍යත්ව 383 ක් පිරිනැමුණු අතර, එහි සමස්ත වටිනාකම රුපියල් මිලියන 30 ඉක්මවීය.


advertistmentadvertistment