ලබන වසරේ මුල් කාර්තුවේදී යළිත් එළවළු හිඟයක් ඇතිවෙනවා

123

ඒකාබද්ධ විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන එකමුතුව සභාපති අරුණ ශාන්ත

ලබන වසරේ මුල් කාර්තුව තුළ යළිත් මේ රට තුළ එළවළු හිඟයක් ඇති වන බව සමස්ත ලංකා ඒකාබද්ධ විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන එකමුතුවේ සභාපති අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා පැවසීය.

මාධ්‍යයට ඊයේ (24 දා* දින ප‍්‍රකාශයක් කරමින් අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා කියා සිටියේ පොහොර ගැටලූව සම්බන්ධයෙන් මාධ්‍යයෙන් විශාල කාර්ය භාරයක් ඉටු කළ නිසා වගකිව යුතු නිලධාරීන්ගේ අවධානය යොමු වී යළිත් මේ රටේ ගොවියාට අවශ්‍ය රසායනික පොහොර, කෘමි නාශක සහ කෘෂි රසායනික ද්‍රව්‍ය ආනයනයට අවසර ලබාදෙන බවට රජය ප‍්‍රකාශ කළ බවයි.

ලබන වසරේ මුල් මාසය තුළ ගොවීන්ට අවශ්‍ය රසායනික පොහොර ලබාදුන්නද අස්වැන්න ලබා ගැනීමට මැයි, ජුනි මාස දක්වා බලා සිටීමට සිදුවන බවත්, ගොවීන්ට ලබාදෙන පොහොර වැඩි මිලට ලබාදුනහොත් යළිත් එළවළු මිල ඉහළ යෑමේ අවදානමක් පවතින බවද අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා පැවසීය.

නුවරඑලිය – නාලක රත්නායක


advertistmentadvertistment