ලබන සතියේ IMF නියෝජිතයන් හමුවී මන්දපෝෂණය තුරන් කරන වැඩසටහනක් ලබාගන්නවා

80

තමා ලබන සතියේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් හමුවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

එම හමුවේදී මෙරට පවතින ළමා හා මාතෘ මන්දපෝෂණය තුරන් කිරීමේ වැඩසටහක් ලබාගැනීමට මූලික වන බවද ඊයේ (12 දා) දොම්පේ මල්වාන මහා විද්‍යාලයට ‘සක්වල සුහුරු’ පන්ති කාමර ලබාදීමේ 120 වැනි අදියරය ට එක්වෙමින් විපක්ෂ නායකවරයා පැවසීය.

ලබන සතියේ IMF නියෝජිතයන් හමුවී මන්දපෝෂණය තුරන් කරන වැඩසටහනක් ලබාගන්නවා

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට අමතරව ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව ඇතුළු මූල්‍ය ආයතන එක්කරගෙන විශේෂිත අරමුදලක් ස්ථාපිත කර මෙරට මන්දපෝෂණය අවසන් කරන බව කියා සිටි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙරට මන්දපෝෂණ තත්ත්වය වර්ධනයවීම විෂම චක්‍රයක් නිර්මාණයවීමක් බවත් එය රටේ නිෂ්පාදන ධාරිතාව සෘණාත්මක බලපෑමක් බවත් සඳහන් කළේය.

එසේම සියලුම රජයේ පාසල්වල සිසුන්ට දිවා ආහාරය ලබාදීමේ වැඩසටහන් ක්‍රියාත්මක විය යුතු බවට යෝජනා කරන බවත්, රටේ අනාගතය වන දරුවන් නිරෝගීව රැකගත යුතු බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් කියා සිටියේය.

සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment