ලොව මාධ්‍යවේදීන්ට වාසය කිරීම භයානකම රට පලස්තීනය ලෙස නම් කෙරේ

74

ගාසා තීරයේ ඊශ්‍රායල හමුදා හා හමාස් සංවිධානය අතර පවතින යුද්ධය හේතුවෙන් පලස්තීනය ජනමාධ්‍යවේදීන් සඳහා ලොව පවතින භයානකම රාජ්‍යය බවට පත්ව ඇති බව දේශසීමා රහිත වාර්තාකරුවෝ සංවිධානය පවසා තිබේ. අදාළ සංවිධානය විසින් ඊයේ (02) නිකුත් කර ඇති වාර්තාවකට අනුව ගාසා යුද්ධයේදී ඊශ්‍රායල හමුදා විසින් වාර්තාකරණයේ යෙදී සිටි ජනමාධ්‍යවේදීන් 200කට ආසන්න සංඛ්‍යාවක් ගාසා යුද්ධයේ පළමු මාස 18ක කාලය තුළදී මරා දමා ඇති අතර ඉන් 42 දෙනකු මියගොස් ඇත්තේ යුද පුවත් වාර්තා කරමින් සිටියදීය.

මෙම වසර සඳහා වන ලෝක මාධ්‍ය නිදහස් දර්ශකය නිකුත් කරමින් දේශසීමා රහිත වාර්තාකරුවෝ සංවිධානය මෙම තොරතුරු අනාවරණය කර තිබේ.


advertistmentadvertistment