50 වැනි ලෝක පරිසර දින සැමරුම අද

356

පනස්වැනි (50) ලෝක පරිසර දිනය අදට (ජූනි 5) යෙදී ඇත. “ප්ලාස්ටික් මගින් සිදුවන දූෂණය පිටු දකිමු” :(Solutions To Plastic Pollution) යන්න මෙවර පරිසර දිනයේ තේමාවයි.

ලෝක ජනතාව පරිසරය රැකගැනීම සඳහා වැඩිපුර යොමුකරවීමත්, පරිසර සංරක්‍ෂණයේ වැදගත්කම ගෝලීය මට්ටමෙන් සාකච්ඡාවට බදුන් කිරීමත් ලෝක පරිසර දිනය සැමරීමේ අරමුණයි.

ලෝකය මුහුණ දෙමින් පවතින පාරිසරික අර්බුදය පිළිබඳව විද්වතුන් විසින් සිදුකරන ලද කරුණු දැක්වීම පරිදි, එක්සත් ජාතීන්ගේ පාරිසරික වැඩසටහන මගින් 1972 දී ප්‍රථම වරට පරිසරය පිළිබඳව එක්සත් ජාතීන්ගේ සම්මේලනය ස්වීඩනයේ ස්ටොක්හෝම් නුවරදී පවත්වන ලද අතර, “මානව පරිසරය පිළිබඳ ප්‍රකාශනය” එහිදී එළිදක්වන ලදී.

එහිදී ගත් තීරණයක් පරිදි සෑම වසරකම ලෝක පරිසර දිනයක් ප්‍රකාශයට පත්කරන ලද අතර, මේ අනුව ප්‍රථම පරිසර දිනය 1973 ජුනි මස 05 වැනිදා ලොව පුරා සමරන ලදී. මෙවර සැමරුමට ලක්වන්නේ එහි 50 වැනි පාරිසරික දින සැමැරුමයි. ලොව පුරා රටවල් 192 ක් පමණ ලෝක පරිසර දින සැමරුමට එක්වෙයි.
ජගත් කණහැරආරච්චි

advertistmentadvertistment
advertistmentadvertistment