ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව අද පළමු පුහුණු තරඟයට

657

ඇමෙරිකා එක්සත් ජනපදය සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත්හිදී පැවැත්වෙන මෙවර විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන පළමු පුහුණු තරගය අද (28දා) පැවැත්වීමට නියමිතව තිබේ.

නෙදර්ලන්තය සමඟින් පැවැත්වෙන එම පුහුණු තරඟය ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 8.00ට ආරම්භ කිරීමට නියමිතව ඇත.

ලෝක කුසලාන පුහුණු තරග වටයේදී ශ්‍රී ලංකාව සහභාගී වන දෙවන පුහුණු තරඟය එළැඹෙන 31 වැනිදා අයර්ලන්තය සමඟින් පැවැත්වේ.

මෙම පුහුණු තරග දෙකම ලන්ඩර්හිල්හිදී පැවැත්වීමට නියමිතව තිබේ.

මෙවර විස්සයි-20 ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව ඩී කාණ්ඩයෙන් තරග වැදීමට නියමිත අතර බංග්ලාදේශය, නේපාලය, නෙදර්ලන්තය සහ දකුණු අප්‍රිකාව එම කාණ්ඩයට අයත් සෙසු රටවල් වේ.

advertistmentadvertistment
advertistmentadvertistment