වතු සේවක වැටුප් වැඩි කිරීමට එකඟ නොවන සමාගම්වල ගිවිසුම් අවලංගු වෙයි! – ඇමැති සියඹලාපිටිය කියයි

46

වතු සේවක වැටුප් වැඩිවීමට එකඟ නොවන රජය සමඟ ගිවිසුම්ගත වතු සමාගම්වල ගිවිසුම් අවලංගු කරන බවත්, එම වතු නව ආයෝජකයන්ට ලබාදීමට රජය සූදානම් බවත් මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා පැවැසීය.

වතු සේවක වැටුප් වැඩිවීම ස්ථිරවම සිදුවන බවද ඇමැතිවරයා කීවේය. අදාළ ගැසට් පත්‍රය නිකුත් වූ බවත් ඒ අනුව එදින සිටම ක්‍රියාත්මක වන පරිදි වතු සේවකයන්ගේ මූලික වැටුප රුපියල් 1350 දක්වාත්, විශේෂ දීමනාවක් ලෙස රුපියල් 350ක මුදල සමඟ රුපියල් 1700කින් වතු සේවක වැටුප ඉහළ නැංවෙන බවද ඇමැතිවරයා කියා සිටියේය.

යම් වතු සමාගමක් මෙම වැටුප් වැඩිවීම කළ නොහැකි බව පවසන්නේ නම් ඒ ගැන සොයා බැලීමට මුදල් අමාත්‍යාංශය මඟින් කමිටුවක් පත් කරන බවද ඇමැතිවරයා තවදුරටත් පැවැසීය.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment