වමනේ දාන්න හිස  එළියට දැමූ කාන්තාව  ලොරියක හිස ගැටී මරුට

657

කතරගම සිට අනුරාධපුරය දක්වා ගමන් ගත් ලංගම බස් රථයක නැග 20දා උදෑසන බුත්තල සිට දඹුල්ලට ප්‍රවේශ පත්‍රයක් ලබාගෙන ගමන් ගත් කාන්තාවක මින්නේරිය හබරණ ප්‍රධාන මාර්ගයේ 38 වන සැතපුම් කණුව ආසන්නයේදී වමනේ දැමීමට හිස බස් රථයෙන් එළියට දැමීමේදී ඉදිරියෙන් පැමිණි ලොරියක ගැටී බරපතළ තුවාල ලබා පොළොන්නරුව මහ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මරුමුවට පත් ඇතැයි මින්නේරිය පොලිසිය පවසයි. එම කාන්තාව කාගේ කවුදැයි මෙතෙක් හඳුනා ගැනීමට නොහැකි වී ඇත.

20දා දහවල් එකට පමණ මෙම අනතුර සිදුවී ඇති අතර ඉදිරියෙන් පැමිණි ලොරි රථය බස් රථයේ පිටුපස මුල්ලේ ගැටීම නිසා බස් රථයේ පිටුපස අසුනේ ගමන්ගත් කාන්තාව මෙසේ අනතුරට ලක්ව ඇත. අනතුරින් ඇයගේ හිසේ කොටසක් වෙන්ව තිබූ බව පොලිසිය පවසයි.

ඇයගේ අනන්‍යතාව හඳුනාගැනීමට අදාළ කිසිදු ලේඛනයක් ඇය සන්තකව නොතිබූ බව පොලිසිය පවසයි.

වයස අවුරුදු 50ක් පමණ වන කාන්තාව ගවුමක් ඇඳ සිට ඇති අතර ඇය සන්තකව දුඹුරු සහ කහ මිශ්‍ර රෙදි බෑග් එකක් තිබී ඇත. මියගිය කාන්තාවගේ මෘත දේහය දැනට පොළොන්නරුව මහ රෝහලේ මෘත ශරීරාගාරයේ තබා ඇත. මියගිය කාන්තාව කාගේ කවුදැයි හඳුනා

ගැනීමට සහාය වන ලෙස මින්නේරිය පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

මින්නේරිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුමනවීර මහතාගේ මග පෙන්වීම මත මින්නේරිය පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපති ඒකනායක සැරයන් චන්දන (35963) යන මහත්වරු වැඩිදුර පරීක්ෂණ පවත්වති.

මින්නේරිය – සුසිල් කරුණාතිලක
 

advertistmentadvertistment
advertistmentadvertistment