බෲනෝ මගේ හොඳම යාළුවාගේ හස්බන්ඩ්ගේ අත කෑවා
චතූ රාජපක්ෂ කියන්නේ පුංචි තිරය ඔස්සේ විවිධ චරිතවලට පණ පොවන අපට සිටින දක්ෂ” තරුණ” සුන්දර රංගන ශිල්පිනියක් මෙන්ම නිවේදිකාවක්. චතු ගේ උපන්දිනය වෙනුවෙන් හරි අපූරු photo shoot එකක් කරලා තිබුණා. මීට පෙර කවුරුත් නොකරපු විදිහේ මේ කරපු විශේෂ birthday photo shoot එක ගැන කතා කරන්නට අපි චතු රාජපක්ෂව මීවිතත් සමග සුහද කතාබහකට එක්කර ගත්තා.
● චතූ අපි මුලින්ම මේ වෙනස් තේමාවකට කරපු Birthday photo shoot එක ගැන කතා කරමු ?
ඔව්” හැමෝම මේ දවස්වල කතා වෙනවා මගේ birthday photo shoot එක ගැන සහ කට්ටිය අහනවා මේක බර්ත්ඩේ එකට නෙවෙයිද කළේ” කියලත්. මොකද සාමාන්‍යයෙන් හැමෝම උපන්දිනේකට කරන්නේ බැලුන් ගොඩක් ළඟ හරි මල් ගොඩක් එක්ක වගේ ෂූට් එකක්. දැන් මමත් ගිය අවුරුදු තුනක් ඇතුළත අවුරුදු තුනකම බැලූන්ස් ගහලා පොඩි බැක් ඩ්‍රොප් එකක් දාලා ඒ වගේ උපන්දින කන්සෙප්ට් එකක් තමා කළේ. හැබැයි මේ සැරේ මට හිතුණා වෙනස් විදියෙ ෆොටෝ ෂූට් එකක් කරලා උපන්දින සාදයක් වෙනුවෙන් වියදම් වන මුදලෙන් ටිකක් වෙනස් විදියේ වැඩක් කරන්න ඕනේ කියලා. ඊට පස්සේ මම උපන්දිනේට සතියකට විතර කලින් මගේ ඔළුවේ තිබුණා මෙහෙම පොඩි පික්නික් එකක් ගිහාල්ලා වගේ ෂූට් එකක් කරන්න ඕනෑ කියලා. ඉතින් මේ කන්සෙප්ට් එක මගේ. ගොඩක් අය උදව් කළා මම හිතුවෙවත් නැති විදිහට” ලස්සනට මේ shoot එක කර ගන්න. මේ සැරේ ගොඩක් අයගේ කතාබහට ලක් වෙලා තිබුණා.
● මෙවර උපන්දිනේ විශේෂ හේතුවක් තියෙනවද?
එහෙම ලොකු විශේෂ හේතුවක් නැහැ. සාමාන්‍යයෙන් අපි උපන්දිනේට ෆොටෝ ෂූට් එකක් කරනවනේ. ඒ නිසයි මම උපන්දිනේට ෂූට් එකක් කළේ. හැබැයි මම පාර්ටි එකක් ගත්තේ නැහැ. පාර්ටි එකක් ගත්තෙ නැති හේතුව තමයි මම හිතුවා මම කවදාවත් ළමා නිවාසෙකට” වැඩිහිටි නිවාසෙකට ගිහිල්ලා තිබුණෙ නැති නිසා මට ලොකු ආසාවක් තිබුණා ඒ අය වෙනුවෙන් මොකක් හරි දෙයක් කරන්න. ඊට පස්සෙ මම දැක්කා fb එකේ ෂෙයාර් වෙනවා ළමා නිවාසයක් තියෙනවා” පුළුවන් අය මේකට උදව් කරන්න කියලා. මම එයාලට අවශ්‍ය සියලුම දේවල්” වියළි ආහාර හැමදේම ලබා දුන්නා. විශේෂයෙන්ම කියන්න ඕන මගේ යාළුවෝ කීප දෙනෙක්ගෙන්මත් මට සහයෝගය ලැබුණා.
● පළවෙනි පාරට මෙහෙම ළමා නිවාසෙකට ගියාම මොකද හිතුණේ?
ඇත්තටම මම එතනට ගියාට පස්සේ හිතාගත්තා සාමාන්‍යයෙන් අපි ජීවිතයේ ගොඩක් වෙලාවට ගොඩක් දේවල්වලට සල්ලි වියදම් කරනවා” හැබැයි ඒ වියදම් කරන සල්ලි මේ වගේ දේකට වියදම් කළොත් ඒක කොච්චර වටිනවද” කොච්චර පිනක්ද කියලා.
● උපන්දිනයට ලැබුණ ප්‍රතිචාර කොහොමද?
ප්‍රතිචාර නම් ගොඩක් හොඳයි. විශේෂයෙන්ම කියන්න ඕන මම හස්බන්ඩ්ට කලින්ම කියලා තිබුණා” අපි දැන් බැඳලා අවුරුදු තුනක්ම උපන්දිනයට පාර්ටි ගත්තා” ඒ නිසා මේ පාර කිසිම විදියේ පාර්ටි එකක් ලෑස්ති කරන්න එපා කියලා. හැබැයි මගේ හොඳම යාළුවා කාවින්ද්‍යා තමයි මගේ උපන්දිනේට සප්‍රයිස් එකක් කරමු කියලා ප්ලෑන් කරලා තිබුණේ. මගේ හස්බන්ඩ් සහ තවත් යාළුවෝ කීප දෙනෙක් එක්ක එකතු වෙලා එයා අපේ ගෙදරම ඔක්කොම ලෑස්ති කරලා තිබුණා. හැබැයි මම එදා ගොඩක් සප්‍රයිස් වුණා.
● photo shoot එක කරද්දි අමතක නොවන සිදුවීම් එහෙමත් වුණාද?
පළවෙනි කාරණය තමයි මගේ බෲනෝ බලු පැටියා මමත් එක්කම හැම ෂූට් එකකම හිටියා. එයාගෙන් මාරම සහයෝගයක් ලැබුණා. හැබැයි ඉවර වුණාම හරිම කනගාටුදායක සිදුවීමක් වුණා” බෲනෝට මහන්සි වෙලා වෙන්න ඇති” මගේ හොඳම යාළුවගේ හස්බන්ඩ්ගේ අත කෑවා එයාට තරහා ගිහින්. ඒවත් අමතක නොවන සිදුවීමක්. ඒ වගේම විශේෂයෙන්ම කියන්න ඕනේ Dark room සෙට් එකේ ධනුක අයියයි ජීවනුයි මතක් කරන්නම ඕනේ.
● මේ පාර බෲනෝ එක්කනෙ උපන්දිනේ සැමරුවේ. ලබන පාර සමරද්දී අලුත් සාමාජිකයෙක් ඉඳීවිද?
ගොඩක් දුරට හිතෙනවා එහෙම වෙයි කියලා. දන්නේ නෑ තාම. එහෙම තුන්දෙනෙක් වෙනවා” ලබන අවුරුද්දේ ප්‍රෙග්නට් වෙනවා කියල ප්ලෑන් කරලා නැහැ. හැබැයි ඉක්මනින් අපි දෙන්නා තුන්දෙනෙක් වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.
● චතූගේ හැම සතුටක් පිටුපසම ඉන්නෙ ආදරණීය ස්වාමිපුරුෂයා නේද? ඔහුවත් මතක් කරමු.
ඔව් අනිවාර්යෙන්ම. හස්බන්ඩ් ගැන කියද්දි මටත් වඩා හැමෝම මුලින්ම අඳුරගන්නේ එයාව. මටත් වඩා හැමෝම එයාව දන්නවා. හැමෝම මට වගේම එයාටත් ආදරෙයි. ඉතින් මගේ සාර්ථකත්වය” සතුට” හැම දෙයක්ම පිටුපසින්ම එදා ඉඳන් අද දක්වා කිසිම වෙනසක් නැතුව එයා ඉන්නවා.
● උපන්දිනයට ලැබුණ වටිනම තෑග්ග මොකක්ද? කවුද ඒක දුන්නෙ?
වටිනම තෑග්ගනම් දුන්නෙ හස්බන්ඩ් තමයි. එයා මට මාලෙකුයි” බ්‍රේස්ලට් එකකුයි” මුද්දකුයි දුන්නා. මම හිතන්නේ මට වැඩිපුරම වටින තෑග්ග ලැබුණේ” මේ අවුරුද්දේ.
● ජීවිතේ දකින්නේ කොහොමද?
ඇත්තටම ජීවිතේ අපි තමයි තීරණය කරන්න ඕන. දුක් විඳිනවද” නැත්නම් සතුටින් ගෙවෙනවා ද කියලා. හැමෝටම සල්ලි නැහැ. හැබැයි අපිට තියෙන විදිහට ජීවිතය විඳින්න පුළුවන්. මට ලොකු අමාරු කාලයක් තිබුණා ජීවිතේ. යන්න කැමති තැන්වල යන්න නැති” කන්න ආස දේවල් කන්න නැති. හැබැයි අපේ උත්සාහය සහ කැපවීම තියෙනවනම් අපිට හොඳ තැනකට එන්න පුළුවන්. ජීවිතයේ අපි අපිට ඕන විදියට හැඩගස්වා ගන්න ඕන තැනක් මිසක්” ජීවිතේට ඕන විදිහට ඔහේ ගලාගෙන යන්න දෙන්න නරකයි.
● රංගන ජීවිතේ අලුත් වැඩ කටයුතු මොනවද?
මගේ අලුත් ටෙලි නාට්‍ය තුනක් එන්න නියමිතව තියෙනවා. අලුත් දේකට ප්‍රධාන චරිතයකට අවස්ථාවක් ලැබිලා තියෙනවා. ඒ වගේම පසුගිය දිනක ටෙලි ෆිල්ම් එකකුත් කළා. ඊට අමතරව නිවේදන කටයුතුවලටත් සහභාගි වෙනවා. ඉතිං ඒ දේවල් තමයි.
● කලා ක්ෂේත්‍රය තෝරා ගැනීම ගැන අද වන විට මොකද හිතෙන්නේ?
මගේ ජීවිතේ මම ගනිපු වටිනාම” නිවැරදිම” හොඳම” තීරණයක් කියලා හිතනවා.
පාරමී කෞෂිකා
ඡායාරූප : DARK ROOM