වවුනියාව මහ රෝහලේ විදුලි සෝපානය 14 වැනි වරටත් අක්‍රිය වේ

74

වෛද්‍යවරු ඇතුළු 11ක් සිරවේ

මේ වසරේ ගත වූ දින කීපය ඇතුළත දාහතර වෙනි වතාවටත් අක්‍රිය වූ වවුනියාව මහ රෝහලේ විදුලි සෝපානය තුළ වෛද්‍යවරු ඇතුළු 11 දෙනකු 5 දා සිර වී තිබේ.

ඔවුන්ව බේරා ගැනීමට විනාඩි හතළිහක පමණ කාලයක් දැඩි පරිශ්‍රමයක් දැරීමට වවුනියාව මහ රෝහලේ විදුලි සෝපාන නොවන කාර්ය මණ්ඩලයට සිදු විය.

මෙම විදුලි සෝපානය ක්‍රියා විරහිත වීම නිරන්තරයෙන් සිදුවන අතර එවැනි අවස්ථාවලදී රෝහල් සේවකයන්ට අසාධ්‍ය රෝගීන් රෝද පුටුවල තබාගෙන රෝද පුටුව කර මතින් රැගෙන යෑමට සිදුව ඇත.

එවැනි අවස්ථාවලදී යුද හමුදා නිලධාරීන් ඊට සහාය වීමට අවට යුද හමුදා කඳවුරු වලින් වවුනියාව මහ රෝහලට පැමිණෙති.

වවුනියාව මහ රෝහලේ විදුලි සෝපානය අලුත්වැඩියා කිරීම සඳහා මේවන විට ගෙවා ඇති විශාල මුදලට රෝහලේ පැරණි විදුලි සෝපානය වෙනුවට අලුතින් විදුලි සෝපානයක් සවි කිරීමට හැකියාව තිබුණද රෝහලේ පාලන අධිකාරිය ඒ කෙරෙහි කිසිදු උනන්දුවක් නොදක්වන බවට වවුනියාව මහ රෝහලේ සේවක සේවිකාවෝ පාලන අධිකාරියට චෝදනා කොට සිටිති.
දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment