2022 වසරේ යුක්රේනයට එරෙහිව රුසියා යුද්ධය ආරම්භ වීමෙන් අනතුරුව මුල් වරට පසුගිය 16 වැනිදා දෙරටේ නියෝජිතයන් පෞද්ගලිකව තුර්කියේ ඉස්තාන්බුල්හිදී හමුවී සාම ක්‍රියාදාමය සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබේ.
යුක්රේනය සහ රුසියාව යන දෙකම සමග හොඳ සබඳතා පවත්වා ගෙන ගිය රටවල් කිහිපයෙන් එකක් වන තුර්කිය සාම සාකච්ඡා සඳහා පහසුකම් සපයන අතර මේ සම්බන්ධයෙන් ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන්නේ මෙමගින් ඉදිරි ගමනක් අපේක්ෂා කිරීම ඉතා අල්ප නමුත් මෙය ඉදිරි පියවරක් වන බවයි. මීට සමගාමීව යුක්රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි ඇල්බේනියාවේ ටිරානා හි යුරෝපීය දේශපාලන ප්‍රජා සමුළුවට සහභාගි වූ අතර එහිදී කීර් ස්ටාමා සහ එමානුවෙල් මැක්‍රොන් ඇතුළු යුරෝපීය නායකයන් අමතමින් සෙලෙන්ස්කි සඳහන් කර තිබුණේ, යුක්රේනයට කොන්දේසි විරහිත සාමයක් අවශ්‍ය බවත්, ඉස්තාන්බුල්හි සාකච්ඡා අසාර්ථක වුවහොත් ලෝක නායකයන් රුසියාව සම්බන්ධයෙන් දැඩි ප්‍රතිචාරයක් දක්වනු ඇති බව තමා විශ්වාස කරන බවත්ය.
මේ වන විට යුක්රේන සාමය වෙනුවෙන් අවධානය යොමු කර සිටින එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ද සඳහන් කර තිබුණේ, තමාට හැකි ඉක්මනින් රුසියානු ජනාධිපති පුටින් හමුවීම අත්‍යවශ්‍ය වන බවයි.