විජයදාස ශ්‍රීලනිප වැ.බ. සභාපති කළේ මෛත්‍රීට නඩුවලින් බේරෙන්නයි – පත්වීම නීති විරෝධියි

249

දුමින්ද දිසානායක කියයි

ඇමැති විජයදාස රාජපක්ෂ මහතා, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන සභාපතිවරයා ලෙස පත්කර ගැනීම නීති විරෝධි බවත් ඒ මහතා වැඩබලන සභාපතිවරයා ලෙස පත්කරගෙන ඇත්තේ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට එරෙහිව පවතින නඩුවලින් බේරීමට බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රි දුමින්ද දිසානායක මහතා ‘දිවයින’ට ඊයේ (21දා) පැවසීය.

විජයදාස රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයකු නොවන බවත් ඔහු මීට පෙර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව, දේශපාලන මණ්ඩලය හෝ වෙනත් පක්ෂයේ වැදගත් අවස්ථාවලදී සහභාගි වූ අයකු නොවන බවත් දුමින්ද දිසානායක මහතා කීය.

පක්ෂයේ කිහිපදෙනෙක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග වැඩකරන බවට චෝදනා කර පක්ෂයෙන් ඉවත් කර ඇති බවත් විජයදාස රාජපක්ෂ මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ රජයේ ඇමැතිවරයකු නොවේදැයි දිසානායක මහතා ප්‍රශ්න කළේය.

මෛත්‍රිපාල සිරිසේන මහතාට එරෙහිව නඩු 400ක් 500ක් පවතින බවත් ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කිසියම් මුදලකට අලෙවි කර තිබේදැයි සැකයක් ඇති බවත් ඔහු කීය.

විජයදාස රාජපක්ෂ මහතා විධායක සභාවේ 116කින් තෝරා පත්කර ගත් බව ප්‍රකාශ කළත් ඔළුගෙඩි 116ක් තිබුණට ආසන සංවිධායකවරුන් ඇතුළු විධායක සභාවේ බහුතරය එම අවස්ථාවට සහභාගි වූ බව තමා පිළිනොගන්නා බවත් දිසානායක මහතා කියා සිටියේය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment