ශී‍්‍ර ලංකාවේ අවසන් බලාපොරොත්තුවත් බිඳ වැටෙයි

352

මෙවර ටෝකියෝ ඔලිම්පික් උළෙලේ අවසන් ශී‍්‍ර ලංකා බලාපොරොත්තුව බවට පත්ව තිබූ අශ්වාරෝහක කී‍්‍රඩිකා මැටිල්ඩා කාල්සන් ඊයේ (03 වැනිදා* දිනයේදී පරාජයට පත්වූවාය. එ් ශී‍්‍ර ලංකා වේලාවෙන් ඊයේ පස්වරු 3.30ට ඇරුඹුණු අසුන් පැන්නවීමේ කාන්තා තරග ඉසව්වේ මූළික වටයෙන්ම ඉවත් වෙමිනි.

 2020 ටෝකියෝ ඔලිම්පික් උළෙල සඳහා ශී‍්‍ර ලංකාවෙන් සුදුසුකම් ලැබී පළමුවැන්න මැටිල්ඩා කාල්සන් වූ අතර මෙම කී‍්‍රඩා ඉසව්ව නියෝජනය කරමින් ඔලිම්පික් උළෙලකට සහභාගි වූ පළමු ශී‍්‍ර ලාංකිකයා බවට මැටිල්ඩා පත්වූවාය.

 අදාළ තරග ඉසව්වේදී 13 වැනි තරග කරුවා ලෙසින් තරග වැදුණු මැටිල්ඩාට එහිදී ඇයගේ

 අශ්වයා පැනීම් දෙකක් ප‍්‍රතික්ෂේප කිරීම හේතුවෙන් තරගයේ මූලිකවටයෙන්ම ඉවත්වීමට සිදුවිය. එහිදී ඇය තරගයෙන් ඉවත්වන මොහොතේදී දඬුවම් අවස්ථා 5ක් හිමිකරගෙන තිබිණි.

 මැටිල්ඩා මෙම තරගායට එක් කරගත් අශ්වයාගේ වටිනා කම රුපියල් කෝටි 142ක් පමණ වන අතර කෙසේ වෙතත් ඔහුට අත්දැකීම් අඩුකම සහ තරගයේදී තමා විසින් ඔහු තදින් මෙහෙවීම මෙම තරගයෙන් ඉවත්වීමට හේතුව වූ බවත් තරගයෙන් අනතුරුව මැටිල්ඩා ප‍්‍රකාශ කර තිබිණි.

advertistmentadvertistment
advertistmentadvertistment